banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.
කටුවන ප්‍රාදේශීය සභාව ඔබ සාදරයෙන් පිළිගනිමු.
 
දකුණු ලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ මුල්ගිරිගල ආසනයේ පිහිටි මුහුදු මටිටමේ සිට අඩි 2700 ක් පමණ දක්වා උස් බිම් තිරුවකින් විද්‍යාමාන වන භු විෂමතාවක කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. උතුරින් සඔරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවද, දකුනින් විරකැටිය ප්‍රාදේශිය සභාවද, නැගෙනහිරින් අගුනුකොලපැලැස්ස ප්‍රාදේශිය සභාවද,  බටහිරින් පස්ගොඩ ප්‍රාදේශිය සභාවද, මායිම් වන අප බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි මි 169 කි. වලස්මුල්ල කටුවන මිද්දෙනිය යන පොලිස් වසම් 03 කින් ආවරණය වන අප බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 84 කින් සමන්විත වේ. මුළු ඡනගහනය 75543 ක් වන අතර ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 5055 කි .
කටුවන ප්‍රාදේශිය සභාව කටුවන ප්‍රධාන කාර්යාලයට අමතරව කිරම  මිද්දෙනිය යන උප කාර්යාල 02 කින් සමන්විත වන අතර වර්තමානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මහින්ද ගාමාච්චි මැතිතුමාය.අද වන විට කටුවන ප්‍රාදේශිය සභාවේ ස්ථිර අනුමත කාර්ය මණ්ඩලය 127 ක් වේ. සභාව මගින් ක්‍රියාත්මක වන සේවා අතර විථිරේඛා හා නොපවරාගැනිමේ සහතික නිකුත් කිරිම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිම, පෙර පාසල් හා පුස්තකාල  පවත්වාගෙන යාම, හා බල ප්‍රදේශයේ කැලි කසල බැහැර කිරිම, මෙන්ම ඡල පාරිභොගිකයන් 3500 කට ආසන්න සංඛ්‍යාවකට පානිය ඡලය සපයා දිම යන ප්‍රධාන කාර්යන් අරමුණු කර ගනිමින් වඩාත් කාර්යක්ෂම හා ගුනාත්මක සේවාවන් සැපයිම අපගේ අභිලාෂය වේ.