banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

 

     

 

     

 

කටුවන ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය

 

 අපගේ ප්‍රාදේශිය සභාව යටතේ පුස්තකාල 04ක් පවතී.

01. කටුවන ප්‍රාදේශිය සභා පුස්තකාලය ( 1992-03-19 දින ආරම්භ කරන ලදී)
02. කිරම උප කාර්යාලීය පුස්තකාලය (1978-06-01 දින ආරම්භ කරන ලදී)
03. මිද්දෙනිය උප කාර්යාලීය පුස්තකාලය ( 1978-02-28 දින ආරම්භ කරන ලදී)
04. වරාපිටිය පුස්තකාලය ( 1993-11-03 දින ආරම්භ කරන ලදී)
 
  වර්ග කි.මි.169 ක් හා ග්‍රාම නිළධාරි වසම් 84ක ජනගහනය 74848 ප්‍රමාණයක දැනුම් පවස නිවාලීමට අප පුස්තකාල සමත් වී ඇත.දැනට තුන්වන ශ්‍රේණියේ පුස්තකාල වශයෙන් පවතින අතර පාඨකයන් 3500 ට ආසන්න ප්‍රමාණයක් අපගේ සේවාව ලබා ගැනීමත් , දිනෙන් දින සාමාජික වන පිරිස වර්ධනය වීමත් ප්‍රවනතාවයකි. තිබූ තත්වයට වඩා නවීකරණය වෙමින් අපගේ පාඨකයන්ට ඉතාමත් පහසුවෙන් දැනුම් අවශ්‍යතාවය සපුරා ගත හැකි පරිදි මිද්දෙනිය පුස්තකාලය සඳහා අන්තර්ජාල පහසුකම් දක්වා සේවාව ව්‍යාප්ත වීම අප ලද ජයග්‍රහණයකි. මූලික වශයෙන් ළමා අංශය , කියවීම් අංශය ,බැහැරව දෙන අංශය, විමර්ශන අංශය, පුවත්පත් අංශය වශයෙන් පාඨකයාට දැනුම ලබා ගැනීමට පහසු කරවීම සඳහා අංශ වලට බෙදා ඇත.


    පාඨකයන් සඳහා නිර්මාණ එකතුව බිත්ති පුවත්පත් මඟින් ප්‍රදර්ශණය කිරීම, සඟරා සකස් කිරීම, පාඨක තරඟ පැවැත්වීමට අමතරව සංස්කෘතිමය වශයෙන් ප්‍රදේශයේ පුරාණ විහාරය සම්බන්ධ කර ගෙන පෙරහැර පැවැත්වීම හා පාඨක සමාජ මඟින් බෝධි පූජා පැවැත්වීම, පෝයටපෙර දින විහාර භූමි ශුද්ධ පවිත්‍ර කිරීම මෙන්ම දාන ශීල භාවනා වලට යොමු කරවීම වැනි කාර්යන් සිදු කිරීම තුලින්ද පාඨකයාගේ මනස දියුණු කරලීම අපගේ බලාපොරොත්තුව වේ.


    එළඹෙන සහශ්‍රය කරා යන ගමනේදී ප්‍රජාවගේ බුද්ධිය , දැනුම වඩාත් පහසුවෙන් වර්ධනය කිරීම අරමුණු කරගෙන දෙවන ශ්‍රේණියේ පුස්තකාල බවට අපගේ පුස්තකාල පත්කර ගැනීම අපගේ ඉලක්ක වේ.

 

පුස්තකාල සාමාජික ගාස්තු

       සාමාජික ගාස්තු රු 50.00

       පාඨක සමාජ ගාස්තු රු 10.00

       ප්‍රමාදවන සැම දිනකම රු 1.00

 

කටුවන ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල වල සාමාජිකත්වය ලබා ගැනීම සදහා වු අයදුම්පත්‍රය මෙතැනින් බාගත කරගන්න