දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය;
2.A 4 ප්‍රමාණයේ කඩදාසියක අඳින ලද, සැණකෙළියේ කාර්යයට යොදා ගන්නා සෑම අංගයක් ම පෙන්නුම් කරන සැණකෙළි භූමියේ දළ රූප සටහනක්;
3.ඒ ස්ථානයට රැස් වන මහජනතාවට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් (ස්ත්‍රී, පුරුෂ සහ ආබාධිත අයට වෙන වෙනම) සපයනු ලබන බවට තහවුරු කරන ලිපියක්;
4.ඒ ස්ථානයේ ඉදි කර ඇති තාවකාලික ගොඩනැගිලි ප්‍රමාණවත් සවි ශක්තියකින් යුක්ත වන බවට යාන්ත්‍රික ඉංජිනේරුවරයකු විසින් නිකුත් කළ සහතිකයක්;
5.ඒ යම් ගොඩනැගිල්ලක රැස් වන මහජනතාවට දූෂණයට ලක් නොවූ හා ප්‍රමාණවත් වාතාශ්‍රය පවතින බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්;
6.හදිසි ගිනි ගැනීමක දී යොදා ගත හැකි පරිදි ප්‍රමාණවත් ගිනි නිවීම් උපකරණ (සාමාන්‍ය ගිනි නිවීම්, විදුලි ගිනි නිවීම් සහ ඉන්ධන ගිනි නිවීම් උපකරණ) යොදා ගනු ලබන බව තහවුරු කරන ලිපියක්;
7.ආපදා අවස්ථාවක දී, රැස් වී සිටින ජනතාව ඉතා කෙටි කාලයක් ඇතුළත ඉන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පිටවීමේ දොරටු සහ ආරක්ෂිත වැඩ පිළිවෙළ යොදා ඇති බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්;
8.සැණකෙළි භූමිය තුළ සාමය පවත්වා ගෙන යාමට අවශ්‍ය වැඩ පිළිවෙළ යොදා ඇති බවට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්.

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

දින 02

අදාල ගාස්තුව 

1.ඉල්ලුම් පත්‍ර ගාස්තුව
රු. . . . . . . . .
2.පෙරසැරි ගාස්තුව
රු. . . . . . . . .
3.බලපත්‍ර ගාස්තුව

 

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය 

පෙරටු කාර්යාල නිලධාරි
047-2247275

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

1.විෂය භාර නිලධාරි

2.තාක්ෂණ නිලධාරි

3.මහජන සෞඛ්‍ය පරීක්ෂක