දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 


අනුකූලතා සහතිකය නිකුත් කිරීම

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.නාගරික සංවර්ධන ප්‍රදේශයක වන විට, නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ සෙසු ප්‍රදේශ සඳහා සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය.


2.නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ සහ අනුමත සැලසුමේ පිටපතක් බැගින්.


3.ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - දින 28

අදාල ගාස්තුව 

1.ඉල්ලුම් පත්‍ර ගාස්තුව
රු. 100.00


2.පෙරසැරි ගාස්තුව

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

1.තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක

2.විෂය භාර නිලධාරි

3. සැලසුම් කමිටුව