දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

 කටුවන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන


සපුගහදොල ඇල්ල

කටුවන සිට කි මි 07 ක් පැමිණි පසු කිරම මන්සන්ධිය හමුවේ එහි සිට කි මි 06 ක් ගිය තැන වරාපිටියට හන්දියට පිවිසිය හැකිය  එහි සිට ඌරුබොක්ක  මාර්ගයේ කි මි 3  ක්  ගිය විට රම්මල රක්ෂිතයට පිවිසිය හැක .රම්මල රක්ෂිතයේ ආරම්භයේ මෙම දිය ඇල්ල පිහිටා ඇත.රම්මල රක්ෂිතය හා සම්බන්ධ සපුගහදොල ඇල්ල හා සම්බන්ධ සුවිශේෂි දිය ඇල්ලක් ලෙස මෙම දිය ඇල්ල හැදින්විය හැක හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත පිහිටි එකම සුවිශේෂි දිය ඇල්ලක් වශයෙන් සපුගහදොල ඇල්ල හැදින්විය හැක. ඉතා මනරම් සිත් ඇදගන්නා සුළු අඩි 25 කට වඩා උසින් යුක්ත මනස්කාන්ත දර්ශනයකි මෙම දිය ඇල්ල .දිය ඇල්ල පහලට වැටෙන ස්ථානයේ ස්වාභාවික නාන තටාකයක් ලෙස නිර්මානය වි ඇත.



 
වරාපිටිය වැව

කිරම හන්දියේ සිට වරාපිටිය මාර්ගයේ කි ම් 07 ක් පමණ ගිය විට වරාපිටිය හන්දිය හමුවේ වරාපිටිය හන්දියේ මෙම වැව පිහිටා ඇත. වරාපිටිය වැවද සිත්ගන්නා සුළු වටපිටාවක ස්ථාන ගතවි ඇති ස්ථානයකි .විශාල ප්‍රදේශයක පැතිරුණු දර්ශනිය වැවක් ලෙස වරාපිටිය වැව දැකගත හැක. මේ හැරුණු විට සපුතන්ත්‍රිකන්ද බැලුම්ගල කන්ද වැනි ඉතා අලංකාර කදු ශිඛර වලින් යුක්ත රමණිය ස්ථාන ද දැකගත හැකිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් පසෙක මායිම් වශයෙන් දැකිය හැකි මුහුදු තිරයද දර්ශනය වන මැදකන්ද හිගුර කන්ද අතර පිහිටි අළුපොද්දෙනිය ග්‍රාමය ආශ්‍රිත පිහිටි හුලංකපොල්ල ඉතා දර්ශනිය ස්ථානයක් ලෙස හැදින්විය හැක.


කැකිරිඕබඩ ජලාශය

කිරම හන්දියේ සිට වරාපිටිය මාර්ගයේ කි ම් ½ ක් ගියතැන    හන්දිය හමුවේ එතැන් සිට එම හන්දියේ සිට කි මි 03 ගිය විට කැකිරිඕබඩ ඡලාශයට පිවිසිය හැක. කැකිරි ඔය හරස් කරමින් මෑතකදි ඉදිකල මහා වාරි කර්මාන්තයකි අක්කර අඩි 2200 ක් පුරා පැතිරුණු යෝද සංවර්ධන ව්‍යාපෘතියකි. ජලාශය හා ඒ ආශ්‍රිත  ප්‍රදේශය ආකර්ෂනිය පාරිසරික ලක්ෂණ හා ‍ජෛව විවිධත්වයෙන් යුක්ත සුවිශේෂි  ප්‍රදේශයක් ලෙස දැක්විය හැක



රම්මල රක්ෂිතය

කටුවන සිට කි මි 07 ක් පැමිණි පසු කිරම මන්සන්ධිය හමුවේ එහි සිට කි මි 06 ක් ගිය තැන වරාපිටියට හන්දියට පිවිසිය හැකිය  එහි සිට ඌරුබොක්ක  මාර්ගයේ කි මි 3  ක්  ගිය විට රම්මල රක්ෂිතයට පිවිසිය හැක. ස්වාභාවික වැසි වනාන්තරයන් වන මෙම රක්ෂිතය හොර කැකුන මිල්ල ගොරකා කිරි හැන්ද කළු මැදිරිය  ආදි ගස් වලින් ද වෙනිවැල් පුස් බමර ආදි වැල් වර්ග වලින් ද සමන්විත ස්වාභාවික වෘක්ෂලතා වලින් ගහන මනරම් පරිසර යටතේ සමන්විතය මෙම රක්ෂිතය ආශ්‍රිතව ආරණ්‍ය සේනාසනයද පිහිටුවා ඇත. රම්මල කදුවැටියෙන් ආරමිභවන සපුගහදොල, බිසෝඇල්ල ,පිගලැල්ල දොල,සපුගහදොල  ආදි  දොල මාර්ග වලින් පෝෂණය වෙමින් වසර මුළුල්ලේම ගලා බසින කිරම ආර සදහා ඡල පෝෂක  ප්‍රදේශය වශයෙන්  වැදගත් වනුයේ රම්මල රක්ෂිතයයි. මෙම  රක්ෂිතය ආශ්‍රිතව ඇති සුවිශේෂම දොල වශයෙන් සපුගහදොල  දිය ඇල්ල හැදින්විය හැක.

මාපිටකන්ද රක්ෂිතය

කටුවන හන්දියේ සිට වල්ගම්මුල්ල මාර්ගයේ අර‍ළුගහ මඩිත්ත මාර්ගයෙන් කි මි 2 ½ ගියවිට මාපිටකන්ද රක්ෂිතයට පිවිසිය හැක. වර්ග කිලෝමිටර් 140 පමණ විශාලත්වයෙන් යුත් මාපිටකන්ද රක්ෂිතය ඉතා දැකුම්කළු ස්වාභාවික වනාන්තරයකි. තුරුලතා ගහනයෙන් හෙබි තෙත් වැසි වනාන්තර ගනයට අයත් ඒකදේශික ශාක විශේෂ සහ  ආවේනික හා වනජීවි ගහනයකින් යුත් පාරසරික වශයෙන් බහු විවිධත්වයක් දක්නට ලැබෙන  ජලාශ්‍රිත පරිසර පද්ධතියක් ලෙස මෙම රක්ෂිතය දැක්විය හැකිය.