දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

විනෝද බද්ද අය කර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.විනෝද බද්ද අය කර ගැනීමේ කාර්යය සඳහා -
i.අලෙවි කිරීම සඳහා සූදානම් කළ මුද්‍රිත ප්‍රවේශ පත්‍ර;
ii.අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල විද්‍යුත් මුද්‍රාව තැබීම සඳහා පරිගණක මුර පදය
2.විනෝද බද්දෙන් නිදහස් කිරීමකට අදාළ වන විට, ඉහත 1 හි පරිදි ක්‍රියා කරමින් -
i.අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල වටිනාකම අනුව, පළමුව විනෝද බද්දට සමාන මුදල සභාවේ තැන්පත් කළ යුතු ය;
ii.විනෝද බද්ද තැන්පත් කරන අවස්ථාවේ දී ම,විනෝද කාර්යයේ ආදායම් හා වියදම් ඇස්තමේන්තුව
iii.විනෝද කාර්යය අවසන් වී දින 30 කට පෙර විනෝද කාර්යයේ සත්‍ය ආදායම් හා වියදම් විස්තරය

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

දින 02

2.ඇමුණුම 02 භාර දුන් දින 7 දින සිට

අදාල ගාස්තුව 

එක් එක් ප්‍රවේශ පත්‍රයේ මුහුණත වටිනාකමෙන් සියයට දහය (10 %) ක් බැගින්

(අමාත්‍යවරයා විසින් අනුමත කළ, සභා සම්මතය අනුව මේ ප්‍රතිශතය නියම වේ)

 


සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

ආදායම් පරීක්ෂක