දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 


ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය


2.ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්


3.සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ඉඩම අනු බෙදුමට හෝ ඉඩම් ඒකාබද්ධ කිරීමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපත් 5 ක් (සංවර්ධනයේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)


4.සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික


5.ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය


6.නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්


7.ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්


8.වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - දින 14

අදාල ගාස්තුව 

1.ඉල්ලුම් පත්‍ර ගාස්තු ව- රු.500.00
2.පෙරසැරි ගාස්තුව
(සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව)

 

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

1.තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
2.විෂය භාර නිලධාරි
3. සැලසුම් කමිටුව