banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

                    

                   

            

             කර්මාන්ත අංශය

කටුවන ප්‍රාදේශිය සභාවේ කර්මාන්ත අංශය මගින් නාගරික ජනතාව වෙත නිකුත් කරනු ලබන විවිධ බලපත්‍ර, අනුමැති හා සහතික ඉතා කඩිනමින් ජනතාව වෙත ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇත.

අප වෙතින් පහත සඳහන් සේවාවන් ලබා ගැනීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලේඛණ පහත දැක්වේ.

 

01. වීථිරේඛා සහතිකය

♦ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත
♦ ආදායම් පරික්ෂක නිර්දේශය
♦ තාක්ෂණ සේවා නිළධාරි නිර්දේශය
♦ හිමිකම් ඔප්පුව
♦ බිම් කට්ටි සැලැස්ම

 

02. අනුබෙදුම් බලපත්‍රයක් ලබා ගැනීම

♦ හිමිකම් ඔප්පු පිටපත් 01

♦ අනුමත කිරීමට ඉදිරිපත් කරන මුල් බිම් කට්ටි සැලැස්ම හා එහි පිටපත් 03ක්

♦ අනුමත මුල් පිඔුරේ පිටපත් 01 

♦ නිසි පරිදි සම්පූර්ණ කරන ලද අනු බෙදුම්  අයදුම්පත්‍ර (මිනින්දෝරු මහතා සහතික කල)


 

03. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිම (සති 02) පළාත් පාලන ආයතකයකට සම්බන්ධ පාරක් සහිත ඉඩමක් නම් / නගර සිමාව තුල දින 21)



♦ හිමිකම් ඔප්පු පිටපත් 01

♦ අනුමත බිම් කට්ටි සැලසුම් පිටපත් 01

♦  අනුමත මුල් බිම් කට්ටි සැලැස්මේ පිටපත් 01

♦ ගොඩනැගිලි සැලසුම් පිටපත් 04

♦ නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගොඩනැගිලි බලපත්‍රය සඳහා වන අයදුම්පත්‍රය



(අයදුම්පත් ගාස්තුව රු 1000 ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව පෙරසරි ගාස්තුව අය කෙරේ)


04.අනුකුලතා සහතිකය නිකුත් කිරිම


 

ඉල්ලීමේ ලිපියක් (පදිංචියට සුදුසු බව තහවුරු කරන ) දින 14 (නගර සිමාව තුල දින 25)

ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව පෙරසරි ගාස්තු අය කරනු ලැබේ .



05. මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයේ සේවය ලබා ගැනීම

♦ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත

♦ ගිවිසුම

 
ඉහත සඳහන් සහතික, අනුමැතින් හා බලපත්‍ර නිකුත් කිරීමේදී සියළුම ලේඛණ නිවැරදිව හා නීත්‍යානුකුල වන්නේ නම් පහත සඳහන් කාල සීමාවන් තුලදී අදාල සහතිකය හෝ බලපත්‍රය ඔබ වෙත නිකුත් කරනු ලැබේ.

ලේඛණයේ නම  ගත වන කාලය
වීථිරේඛා සහතිකය විනාඩි 30
අනුබෙදුම් බලපත්‍රයක් ලබා ගැනීම දින 21
ගොඩනැගිලි බලපත්‍රය දින 35

  
සේවා සඳහා අනුමත ගාස්තු

සේවාවේ නම   අනුමත ගාස්තුව
නොපවරවා ගැනීම ,වීථිරේඛා අයිතිය පිළිබඳ හා ගොඩනැගිලි සීමා සහතිකය   රු. 500.00
ඔප්පු ලුහුඩු පිටපත් ඉල්ලුම්පත් ගාස්තු රු. 200.00
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සඳහා වන අයදුම්පත    රු.1000.00
මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයේ සේවය ලබා ගැනීම (පැයකට)  ඉන්දන සහිතව රු.5000.00 (ඩීසල් ලීටර් 12)
JCB යන්ත්‍රයේ සේවය ලබා ගැනීම (පැයකට)   ඉන්දන සහිතව
රු.2500.00
රෝලර් යන්ත්‍රයේ සේවය ලබා ගැනීම (දිනකට පැය 08 ) ඉංදන රහිතව
රු.9000.00
ලොරි ජල බවුසරය (4000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව රු.2000.00
ලොරි ජල බවුසරය (6000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව රු.2500.00
ලොරි ජල බවුසරය (13000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව රු.6500.00
ට්‍රැක්ටර් ජල බවුසරය (6000L වානිජ 10 KM දක්වා ) ඉන්දන සහිතව රු.3500.00
ට්‍රැක්ටර් ජල බවුසරය (3000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව
රු.1000.00
ට්‍රැක්ටර් ජල බවුසරය (4000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව රු.1200.00
ට්‍රැක්ටර් ජල බවුසරය (4000L ට්‍රැක්ටරය සමග ජලය රහිතව ) ඉන්දන සහිතව රු.6000.00
ට්‍රැක්ටරය දිනකට (50 KM හෝ පැය 06 ක්) ඉන්දන සහිතව රු.5000.00
ටිපර් රථය (කියුබ් 2.7 දිනකට 100 KM තුල) ඉන්දන සහිතව
රු.12000.00
ටිපර් රථය (කියුබ් 1.5 දිනකට 100 KM තුල) ඉන්දන සහිතව රු.9000.00
ටිපර් රථය (දිනකට) රු.8000.00
කටර් යන්ත්‍රය (දිනකට) රු.4500.00
වැකර් යන්ත්‍රය(දිනකට) රු.4500.00
පෝකර් යන්ත්‍රය (දිනකට) රු.3000.00
මික්ස්චර් යන්ත්‍රය(දිනකට) රු.3000.00

 



කර්මාන්ත අංශයේ සේවා පිළිබද ඔබගේ ගැටඵ  සදහා  0703805412 දුරකථන අංකය මගින් කාර්මික නිලධාරි තිලිණි හර්ෂණි මහත්මියද  0715724491  දුරකථන අංකය මගින් කේ කේ ප්‍රදීපා මියද  අමතන්න