banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

 ආදායම් අංශය

කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ග්‍රාම සේවා වසම් 84 කි.උප කාර්යාල 02කි.එම ප්‍රදේශයේ ඇති ව්‍යාපාර හඳුනාගෙන වර්ශයට අදාල ගැසට් නිවේදනය අනුව බල ප්‍රදේශයෙන් අවුරුද්දකට වෙළඳ බලපත්‍ර ගාස්තු ලක්ෂ 10ක් පමණ අය කරනු ලැබේ.

ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවත්වා ගෙන යන සෑම ව්‍යාපාරයක්ම සෑම වර්ෂයකම ජනවාරි මාසයේ සිට මාර්තු 31 තුල අදාල ගාස්තුව ගෙවා ලියාපදිංචි කල යුතුය.


සෑම ව්‍යාපාරිකයෙක්ම ගරු සභාපතිතුමා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමාගේ හා මහජන සෞඛ්‍ය පරික්ෂක මහතාගේ උපදෙස් පිළිපැදිය යුතුය.ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම අධිකරණයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ලියාපදිංචිය ප්‍රමාද වූ විට අධිකරණයේ නඩු පවරා එම මුදල සභාව අය කර ගැනීම

 

 

සේවාව සේවා සඳහා අනුමත ගාස්තු රජයේ බදු සමග ගාස්තු

ප්‍රචාරක බැනර් ගාස්තු (වර්ග අඩියකට)

බැනර් සඳහා ප්‍රදර්ශන කාලය මාස තුනකි

රු 35.00   රු 35.00

දැන්වීම් පුවරු ගාස්තු (වර්ග අඩියකට)

දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය වන කාලය වසරකි

රු 100.00   රු 100.00

පාපැදි ගාස්තුව

රු 10.00 රු 10.00




 

අක්කර බදු

අක්කර බදු අය කිරිම හෙක්ටයාරයකට රු 100.00 ක් වන අතර වැඩි වන හැම අක්කරයකටම රු 10.00 කි . දැනට කිරම උප කාර්යාල බල ප්‍ර‍දේශයේ පමණක් අක්කර 05 ට වැඩි ඉඩම් වලින් පමණක් අක්කර බදු අය කරයි.

 

කඩ කුලී
සෑම මසකම 20 වන දිනට පෙර කඩ කුලී  ගෙවිය යුතු අතර, ප්‍රමද වි ගෙවීම් සදහා 10% ක දඩ මුදලක් මසකට හෝ ඉන් කොටසකට ගෙවීමක් කළ යුතුය

වර්ෂ තුනකට වරක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් කලින් කලට  කරනු ලබන තක්සේරු කිරීම් වලට අනුව, මෙම මාසික බදු මුදල ප්‍රතිශෝධයට යටත් විය හැකි අතර, එලෙස ප්‍රතිශෝධන වන අවස්ථාවලදී එම ප්‍රතිශෝධන බදු මිල ගෙවිමට බදු ගැනුම්කාර පාර්ශවය එකඟ විය යුතුය.

මාස 03 කට වඩා හිඟ මුදල් ශේෂයන් පවත්වාගෙ යාම, ගිවිසුම් කොන්දේසි කඩ කිරිමක් වන බැවින්, කඩ කාමර නැවත කටුවන ප්‍රාදේශීය සභාවට පවරා  ගැනීමට කටයුතු කරනු ලැබේ.

 

බලපත්‍ර ගාස්තු
කටුවන ප්‍රාදේශීය සභාව තුළ පවත්වාගෙන යන සෑම ව්‍යාපාරයක්ම සෑම වර්ෂයකටම ජනවාරි මාසය තුළ අදාල ගාස්තුව ගෙවා ලියාපදිංවි කළ යුතුයි.
ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අධිකරණයේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර, ලියාපදිංචිය ප්‍රමාද වූ විට රු. 250/- බැගින් අතිරේක දඩ මුදලක් ගෙවිමට යටත් වන්නේය.

 

ආදායම් අංශය පිළිබද ඔබේ ගැටඵ 0716861860 යන දුරකථන අංකය මගින් එස් දුෂාන්ති මහත්මිය වෙත හෝ 0714806257 මගින් එම්.කේ.ටී චතුරිකා මහත්මිය වෙත  යොමු කරන්න