banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

 කටුවන ප්‍රාදේශීය සභාවේ විද්‍යුත් පුස්තකාලය ‍හා තො‍රතුරු තාක්ෂණ මධ්‍යස්ථානය

 

හැදින්විම
තොරතුරු තාක්ෂණයේ දියුණුව සමග මුළු ලොවම එකම විශ්ව ගම්මානයක් බවට අද වන විට පත් වි ඇත .මෙම විපර්යාසය හේතුවෙන් අපගේ අවශ්‍යතාවන් දිනෙන් දින  වෙනස් වේ .අද වන විට තොරතුරු වලින් තොරව සමාජයේ ජීවත්විම අපහසුය .තොරතුරු තාක්ෂණයෙන් සපිරි තොරතුරු මධ්‍යස්ථානයක් කටුවන ප්‍රාදේශිය සභාවේ ජනතාව වෙත ලබා දිමට අප අදහස් කලේ මේ  නිසාය .මේ හරහා අප අධ්‍යාපනික හා වෘත්තිය වශයෙන් වැදගත් තොරතුරු රාශියක් ඹබ වෙත ලබා දිමට කටයුතු කර

 

 

අරමුණු
අප ප්‍රදේශයේ ජනතාව තාක්ෂණ හා මුසු කිරිමේ අභිලාෂය පෙරදැරිව මෙය ආරම්භ කෙරේ .මෙහිදි ප්‍රජාව තොරතුරු තාක්ෂණය හා සමග සමීප කරවිම තුලින් ඉතාමත් සුක්ෂම ලෙස එදිනෙදා තොරතුරු දැනුම මෙන්ම වෘත්තියමය අවශ්‍යතාවන් ඉතාමත් කාර්යක්ෂමව හා ඵලදායි ආකාරයෙන් ලබා දිම අරමුණු වේ.

නොමිලේ තොරතුරු සැපයිම

♦ තොරතුරු අවශ්‍ය කරන පාර්ශවයන්ට රාජ්‍ය ආංශයේ සේවා හා රාජ්‍ය ආයතන සේවා පිළිබද තොරතුරු ලබා දිම .
♦ සංචාරකයන් සදහා අවශ්‍ය තොරතුරු හා සංචාරක ස්ථාන පිළිබද තොරතුරු ලබා දිම.
♦ පාසල් ලමුන් සදහා අධ්‍යාපනික වශයෙන් වැදගත් තොරතුරු ලබා දිම.


විද්‍යුත් පුස්තකාල පහසුකම ලබා දිම
මේ යටතේ මෙය පරිහරනය කරන පාර්ශවයන්ට පහත පහසුකම් සලසයි

♦ විද්‍යුත් පොත් පත් පරිහරනය

♦ බහු මාධ්‍ය විශ්වකෝෂ පරිහරනය

♦ ස්වංක්‍රිය අධ්‍යාපන වැඩ සටහන්

♦ අධ්‍යාපනික විඩියෝ දර්ශන විඩියේ චිත්‍රපටි නාට්‍ය පරිහරණය

♦ සිතියම් පිලිබද අධ්‍යන වැඩසටහන්

ලබා දිම සිදු කරයි

අන්තර්ජාල පහසුකම් හා ස්කයිප් භාවිතා කිරිමට අවස්ථාව
අන්තර්ජාල පහසුකම් හා ස්කයිප් භාවිතා කිරිමේ පහසුකම සභාව විසින් සපයන අතර මේ සදහා සාමාජික නොවන අයටද සම්බන්ධවිය හැක. මෙහිදි විනාඩි 15 ක් සදහා  රු 10.00 ක ගාස්තුවක් අය කරනු ලබයි.
විද්‍යුත් පුස්තකාලයේ සාමාජිකයන් සදහා සතියකට පැය 1 ක් අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා ගත හැකිය.   

විවෘත කරන දිනය හා වේලාව
සතියේ සැම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 4.30 දක්වා විවෘතව ඇත.

අය කරන ගාස්තුව
මේ සදහා කටුවන ප්‍රාදේශිය සභාව විසින් සාමාජික ගාස්තු රු 100.00 ක් අය කරන අතර  දිනකට පැය 02 බැගින් විද්‍යුත් පුස්තකාල මාසයක් පැය 20 ක කාල සිමාවකට යටත්ව භාවිතා කල හැක.

ඔබට විද්‍යුත් පුස්තකාලය පිළිබද වැඩි විස්තර ලබා ගැනිමට අවශ්‍ය නම් 077-8571110 දුරකථන අංකය මගින් හේෂාන් චාමික මහතා අමතන්න.

 

විද්‍යුත් පුස්තකාල අයදුම්පත මෙතැනින් බාගත කරන්න