banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

         

 

         

 

කටුවන ප්‍රාදේශීය සභාවේ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

නීරෝගි බව යනු සමෘද්ධිමත් සමා‍ජයක් රදා පවත්නා ප්‍රධාන නිර්නායකයකි . එම සමාජ මෙහෙවර ඉටු කරනු වස් ප්‍රජා‍වගේ නිරෝගිතාවය  සුරක්ෂිත කිරිමේ අරමුණින් කටුවන ප්‍රාදේශිය සභාව යටතේ රජයේ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවක් දැනට පවත්වාගෙන යනු ලැබේ. එය කිරම උපකාර්යාලිය පරිශ්‍රයේ දැනට ස්ථාපිත කර ඇත.

කළාපයේ දිළිදු ජනතාවගේ යහපත් ජිවන පැවැත්ම වෙනුවෙන් මෙම බෙහෙත්  ශාලාව මගින් විශාල මෙහෙවරක් සිදුවේ. සතියේ දින හයක් පුරා විවෘත ව පවත්නා අප බෙහෙත් ශාලාව සදහා වාර්ෂිකව වැයකරන  මුදල රුපියල් ලක්ෂ 02 ක් පමණ වේ.

ඉදිරි වසර තුළදි තව දුරටත් නවිකරණය කිරිමට බලාපොරොත්තු වන අතර එහිදි රෝගින් වෙනුවෙන් සියලු සැප පහසුකම් සලසා ඔවුන්ට නේවාසික පහසුකම් ලබා දි නේවාසික  ප්‍රතිකාර සදහා යොමු කිරිම දක්වා මෙම ප්‍රජා සේවාව පුළුල් ව ව්‍යාප්ත කිරිම අපගේ අරමුණ වේ.