banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් සිදු කරන ව්‍යාපෘති

ජල ව්‍යාපෘතිය

 

 

 

 

සභා බල ප්‍රදේශයේ තිබෙන්නා වු භුගත ජල මුලාශ්‍ර මගින් සපයන්නා වු ජලය මනු මගින් පාරිභෝගිකයන් වෙත බෙදා හැරිම තුළින් මෙම ඡල සේවා පවත්වා ගෙන යනු ලබයි මෙම ජල ව්‍යාපෘතිය මගින් මේ වන විට ජල මනු 3500 කට අධික ප්‍රමාණයකට ජල සම්බන්ධතාවන් ලබා දි ඇත. නව ජල සමිබන්ධතා වල ඉල්ලිම් ද දිනෙන් දින වැඩි වෙමින් පවති . මිද‍්දෙනිය නගරය  කේන්ද්‍ර කරගත්  ග්‍රාමසේවා  ග්‍රාමසේවා වසම් 19 කට අධික ප්‍රමාණයක් කටුවන ක්ෂේත්‍ර කර ගන්මින්  බුකැන්දයාය ජල යෝජනා ක්‍රමය මගින් ග්‍රාමසේවා වසම් 03 කට වැඩි ප්‍රමාණයක් අනාවරණය කරනු ලබයි . ප්‍රධාන බලාගාරයට අමතරව බලාගාර හයකින් පමණ ජලය සපයනු ලබයි මිට අමතරව සභාව ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 84 ආවරණය වන පරිදි නල ළිං හතලිස් හතකට (47) වැඩි ප්‍රමාණයකින්ද ජල පහසුකම් සපයනු ලබයි.

 
මෙම සේවා පහත සදහන් පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

01. ප්‍රධාන වැඩපල නඩත්තුව

02. ජලය බෙදා හැරිම

03. සේවා සම්බන්ධතා ලබා දිම



ප්‍රධාන වැඩපල නඩත්තුව

ජල මුලාශ්‍ර මගින් ලැබෙන්නා වු ජලය  විධිමත් ව රැස් කර පිරිසිදුව හා පවිත්‍රව  තබා ගැනිම මෙමගින් ක්‍රියාත්මක කරනු ලබයි . එම ජලය අවශ්‍යතාවයන් ට ගැළපෙන පරිදි අවශ්‍ය ජලය තොග රදවා ගැනිම හා පවත්වා ගෙන යාම ද සිදු කෙරේ. මිට අමතරව ප්‍රධාන ජල තලයේ යම් නඩත්තු කටයුතු තිබේ නම් ඒ සම්බන්ධව කඩිනමින් ක්‍රියාත්මක විමද සිදු කරනු ලබයි. මිට අමතරව ජල මනු වල යම් අළුත්වැඩියා කටයුතු වේ නම් ඒ සම්බන්ධයෙන් ද ක්‍රියා කරනු ලබයි.මෙම ජල ව්‍යාපෘතිය මගින් මේ වන විට ජල මනු 3500 කට අධික ප්‍රමාණයකට ජලය සපයයි.

ජලය බෙදා හැරිම

පාරිභෝගිකයින් වෙත අවශ්‍ය ජලය ප්‍රධාන ඡල නල මාර්ගයන් වෙතින් ඒ ඒ පාරිභෝගිකයන් වෙත සැපයිම මෙමගින් කරනු ලබයි. ප්‍රධාන ජලනල වල යම් කාන්දුවිමක් හෝ ජලය බෙදා හැරිමේ යම්  අපහසුතාවයක් තිබේ නම් හෝ ප්‍රධාන ජල මාර්ගයේ ජලය අපතේ යාමක් සිදු වන අවස්ථා වලදි කඩිනමින් ඒ සදහා කටයුතු කිරිමද මෙහි වැදගත් රාජකාරියකි.

සේවා සැපයිම

පවත්වා ගෙන යනු ලබන ජල සේවාවන් සම්බන්ධතාවන් ඉල්ලු පසු ඒ  සම්බන්ධයෙන් කරුණු විමසා බලා තිබෙන ධාරිතාවයේ ප්‍රමාණයට එම ඉල්ලිම ඉටු කර දිමට ප්‍රමාණවත් ජලයක් තිබේ නම් ඒ සදහා ඇස්තමේන්තු සකස්  කිරිම හා සම්බන්ධතාවයක් ලබා දිමත් මෙමගින් සිදු කරනු ලබයි සේවා සැපයිම මෙන්ම ජල බිල්පත් නොගෙවිම හේතුවෙන් ජලය විසන්ධි කිරි‍මේ ක්‍රියාවලියද මෙමගින් සිදු කරනු ලබයි.

 

කටුවන ප්‍රාදේශිය සභාවේ පොදු වෙළදපොළ පොල ව්‍යාපෘතිය

 

 

 

 

 

 

 

 

 



කටුවන ප්‍රාදේශිය සභාව මගින් තම ග්‍රාමසේවා වසම් 84 ආවරණය වන පරිදි සති පොළවල් 07 ක් ක්‍රියාත්මක කරනු ලබයි

01. මිද්දෙනිය පොදු වෙළදපොළ

02. කටුවන පොදු වෙළදපොළ

03. අළුපොද්දෙනිය පොදු වෙළදපොළ

04. ගොමඩිය පොදු වෙළදපොළ

05. කරමැටිය පොදු වෙළදපොළ

06. කිරම පොදු වෙළදපොළ

07. වරාපිටිය පොදු වෙළදපොළ


මෙම පොදු වෙළද පොළවල් ක්‍රියාත්මක කිරිමේදි  සභාව මගින්  ව්‍යාපෘතියක් ලෙස සෘජු පදනම මත පොළ ආදායම් එකතු කරනු ලබයි. ප්‍රදේශයේ ප්‍රධාන නිෂ්පාදන අලෙවි කර ගැනිමේ දි ගොවියා ගේ ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා ඉතා සහනදායි බදු අය කිරිම් තොග පොළවල් මගින් සිදු කරනු ලබයි.ටෙන්ඩර් පටිපාටිය මගින් පොළ ආදායම එකතු කිරිමේ දි අතරමැදි ටෙන්ඩර් කරුවන් අතට එකතු වු මුදල් ප්‍රදේශයේ ජනතාවගේ සුභ සිද්ධිය සදහා  සෘඡුවම යෙදවිමට අපට හැකිවිය.ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් ටෙන්ඩර් ගතවු සමස්ත පොල ආදායම ලක්ෂ හැටකට ආසන්නව වැඩි කිරිමට මේ තුළින් හැකියාව ලැබි ඇත.මිට අමතරව පොළවල් සංවර්ධනය කිරිම තුළ මිද්දෙනිය කිරම කටුවන පොලවල් සංවර්ධනය කරන ලද අතර ගොමඩිය අළුපොද්දෙනිය කරමැටිය වරාපිටිය යන පොළවල් ඉදිරියේදි සංවර්ධනය කිරිම සදහා‍ යෝජනා  වි ඇත.

 

පුරනැගුම ව්‍යාපෘතිය


(පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි.)
කටුවන ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ආරියදාස විරසිංහ මැතිතුමා ගේ කාරුණික ඉල්ලිම පරිදි මෙම ව්‍යාපෘතිය කටුවන ප්‍රාදේශිය සභාව වෙත ලබා ගන්නා ලදි.කිරම නගරය පසුගිය කාල වකවානු තුළ නොසැළකිල්ලට  ලක්විමේ ප්‍රථිඵලයක් ලෙස මෙම නගරය කුඩා කඩමණ්ඩියක් බවට පත් විය . ඒ අනුව පසුගාමි නගරයක් වශයෙන් පැවති කිරම නගරය සංවර්ධනය කිරිම සදහා තෝරා ගන්නා ලදි.


වලස්මුල්ල මිද්දෙනිය ප්‍රධාන පාරට  මායිම්ව මෙම නගරය පිහිටා ඇත. කිරම මංසන්දියෙන් වරාපිටිය දෙයියන්දර මාවත් වැටි ඇත.පෞරාණික සිත්තම්ගල්ලෙන රජමහා විහාරයට ගමන් ආරම්භ කරන වරාපිටිය මාවත කිරම නගරය ‍කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ .අක්‍රමවත් අඩුපාඩු වලින් පිරි කිරම පොදු වෙළද පොල මේ වන විට ඉතා සංවර්ධිත ක්‍රමවත් පහසුකම් සහිත පොදු වෙළදපොළක් බවට මේ වන විට පත් කොට ඇත .පසුගාමී නගර සංවර්ධනය කිරම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කරමින් සියළු දෙනාගේ මුලික අදහස් යෝජනා වලට අනුව මේ වන විට

    උඩු මහල් සහිත බස් නැවතුම් පොලක්
    දෙමහල් ආර්ථික මධ්‍යස්ථානයක් - වෙළද සංකිර්ණයක්
    පොල ගොඩනැගිල්ල සංවර්ධනය කිරිම
    නාන තොටුපලක් සහිත උද්‍යානයක් ඉදිකිරිම
    ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිම ව්‍යාපෘතිය යටතේ ටිපර් රථයක් ලබා ගැනිම

මෙම යෝජනා ක්‍රියාත්මක කිරිම සදහා මේ වන විට සැළසුම් කරමින් පවති. මිට අමතරව කිරම නගරයට අවශ්‍ය නගර සැළසුමක් නිර්මාණය කිරිම භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට ද සිදු කරමින් පවති. කටුවන ප්‍රාදේශිය සභාවේ  කිරම උප කාර්යාලය කිරම මහජන පුස්තකාලය කිරම පුර්ව ළමාවිය මධ්‍යස්ථානය කිරම ආයුර්වේද මහජන බෙහෙත් ශාලාව මේ වන විට ද ප්‍රාදේශිය සභා අරමුදල් මගින් නවිකරණය කොට සංවර්ධනය කර ඇත.මෙම පුරනැගුම ව්‍යාපෘතියේ යෝජනාවන් ද ක්‍රියාත්මක කොට අවසාන වශයෙන් කටුවන ප්‍රාදේශිය සභාවේ කිරම නගරය සංවර්ධිත නගරයක් ලෙස නිර්මාණය කිරිම අපගේ පුර්ව අභිප්‍රායයි.