banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

            

 

          

 

කටුවන ප්‍රාදේශීය සභාවේ පෙර පාසල්

 ප්‍රජාවේ  සමෘද්ධිමත් බව වෙනුවෙන් ප්‍රජා‍ මෙහෙවරක් වශයෙන් මුදල් අය කිරිමකින් තොරව පවත්වාගෙන යනු ලබන  පෙර පාසල් වෙනුවෙන් කටුවන ප්‍රාදේශීය සභාව මගින් අරමුදල් වෙන්කර ඇත . මේ යටතේ ගුරුභවතුන් සදහා වැටුප් දීමනා ල‍බා දීම ,දරුවන් වෙනුවෙන් නිල ඇදුම් ලබාදිම , පොත් ලබාදිම හා උපකරණ ලබාදීම, විනෝද චාරිකා හා විවිධ ප්‍රසංග පැවැත්වීම සහ සියලුම පහසුකම් සපයාදීම,  සියලුම නඩත්තු කටයුතු කිරිම  සිදුකරනු ලැබේ .

   මෙහිදි මිද්දෙනිය මුරැංගස්යාය බටහිර උපකාර්යාලීය පෙර පාසල හා කිරම උපකාර්යාලීය පෙර පාසල දැයේ කුඩා දරුවන් වෙනුවෙන් අංග සම්පුර්ණ සෙල්ලම් මිදුල හා පහසුකම් වලින් සමන්විතව නවිකරණය කර ඇත .

   මෙයට අමතරව අප ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පවත්නා ලේඛණගත කර ඇති අනෙකුත් පෙර පාසල් වෙනුවෙන් විශාල සමාජ මෙහෙවරක් අප සභාව විසින් සිදු කරනු ලබයි .ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා ලබා දිම හා පෙර පාසල් අයදුම්පත් ,සහතිකපත් ,උපකරණ ලබා දිම වැනි ක්‍රම තුළින් මෙම කර්තව්‍යය  සදහා අප දායක වෙයි .

  කටුවන ප්‍රාදේශිය සභාව යටතේ පෙර පාසල් 05ක් පාලනය වේ.සිසුන් 250 ට ආසන්න ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබයි. මෙම පෙර පාසල් පාලිකාවන් සදහා සභාව මගින් වැටුප් ගෙවන අතර,සභාව මගින් නොමිලේ පවත්වාගෙන යනු ලබයි.


01.මුරුංගස්යාය බටහිර උප කාර්යාලීය පෙර පාසල
අංක 496 මුරුංගස්යාය බටහිර ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1975 වර්ෂයේ ආරම්භ කරන ලදි. මිද්දෙනිය බස් නැවතුම්පොළ අසල මිද්දෙනිය උප කාර්යාලීය පරිශ්‍රය තුල මෙය පිහිටා ඇත.
 
02. රණසිංහගොඩ දිලෙන තරු පෙර පාසල
අංක 532 රණසිංහගොඩ ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1989-06-23 දින ආරම්භ කරන ලදි. මිද්දෙනිය වලස්මුල්ල මාර්ගයේ කටුවන සිට කි.මි.01ක් පමණ දුරින් මෙයට පිවිසිය හැකිවේ.
 
03. ගල්පොතුකන්ද සමනල පෙර පාසල
අංක 546 ගල්පොතුකන්ද ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1989-06-29 දින ආරම්භ කරන ලදි. මිද්දෙනිය වලස්මුල්ල මාර්ගයේ කරමැටිය මංසන්ධියෙන් හැරී අඹගහහේන පාසල අසල මෙය පිහිටා ඇත.
 
04.කිරම උප කාර්යාලීය පෙර පාසල
අංක 551 වෙළඳගොඩ  ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1975-12-30 දින ආරම්භ කරන ලදි.මෙය මිද්දෙනිය වලස්මුල්ල මාර්ගයේ කිරම උප කාර්යාලීය පරිශ්‍රය ආසන්නයේ පිහිටා ඇත.


05. සියඹලාමුරය උදාතරු පෙර පාසල
අංක 519 සියඹලාමුරය ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1989-06-23 දින ආරම්භ කරන ලදි. කටුවන ගොමඩිය මාර්ගයේ ඇඟළුම් කර්මාන්ත ශාලාව අසල මෙය පිහිටා ඇත.

 

කටුවන ප්‍රාදේශීය සභා පෙර පාසලකට දරුවන් ඇතුල්කිරීම සදහා වු අයදුම්පත මෙතැනින් බාගත කරගන්න