banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

මිද්දෙනිය පුර්ව ලමාවිය මධ්‍යස්ථානය සදහා ලමුන් ඇතුලත් කර ගැනීම

අද දින මිද්දෙනිය පුර්ව ලමාවිය මධ්‍යස්ථානය සදහා ලමුන් ඇතුලත් කර ගැනීම සිදු කරන ලදි .මේ සදහා කටුවන ප්‍රදේශිය සභාව නියෝඡනය කරමින් ලේකම් තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ නිළධාරින් කිහිපදෙනෙක් සහභාගි වු අතර ,මහඡන බැංකුව, ඡාතික ඉතිරිකිරිමේ බැංකුවද මෙම අවස්ථාව නියෝඡනය කිරිම සදහා සහභාගි වුහ. මෙහිදි පෙර පාසල පිලිබද හා පෙරපාසල් අධ්‍යාපනයයෙහි වැදගත් කම පිළිබද දේශණ සියළුම ආයතන නියෝඡනය ඉදිරිපත් කරන ලදි .

ගොමඩිය මාර්ගයේ ගමන් කිරීමට නොහැකි ලෙස පස් කඳු කඩා වැටීම

උද්ගතව ඇති ආපදා තත්ව‍ය හේතුවෙන් වාර්තා ගොමඩිය මාර්ගයේ ගමන් කිරීමට නොහැකි ලෙස පස්  කඳු කඩා වැටී,  ගස් ගැලවී  අවහිර වී තිබූ ස්ථාන කටුවන ප්‍රාදේශීය සභාවේ J C B යන්ත්‍ර යොදාගෙන ඉවත් කර යථා තත්ත්වයට පත්  කරන ලදි 

අලුපොත්දෙනිය මාර්ගයේ පස් කඩා වැටීම

උද්ගතව ඇති ආපදා තත්ව‍ය හේතුවෙන් අලුපොත්දෙනිය මාර්ගයේ පස් කඩා වැටී අවහිර වී තිබූ ස්ථාන කටුවන ප්‍රාදේශීය සභාවේ J C B යන්ත්‍ර යොදාගෙන ඉවත් කර යථා තත්ත්වයට පත් කරන ලදි

ලෝක ලමා දිනය වෙනුවෙන් පවත්වන ලද වැඩසටහන

ඔක්තෝම්බර්01 වන දිනට යෙදි තිබෙන ලෝක ලමා දිනය නිමිත්තෙන් කටුවන ප්‍රාදේශීය සභාව , කටුවන වෙලද සංගමය සහ රාජ්‍ය ආයතන රැසක සහයෝගයෙන් අද දින කටුවන කොටුව තුල ලමා දින සැමරුමක් සංවිධානය කරන ලදි .මෙහිදි කුඩා ලමුන් වෙනුවෙන් රසාස්වාද වැඩසටහන් හා තෑගි ලබා දිම් සිදු කරන ලදි

නව සභාපති හා මන්ත්‍රි මණ්ඩලය හා පිළිගැනීම හා සමගාමීව පවත්වනු ලැබු පිරිත් පිංකම

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සභාපති ධුරයට තේරිපත් වු අයි. ඡි මහින්ද මැතිතුමා හා මන්ත්‍රි මණ්ඩලය පිලිගැනීමේ උත්සවය 2018-04-09 දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි නිතීඥ නාමල් රාඡපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි . මෙම උත්සවය සදහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වි චානක , දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි අඡිත් රාඡපක්ෂ, දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි මන්ත්‍රි කපිල දිසානායක හා සම්භාවනීය අමුත්තන් රාශියකගේ මැදිහත් විම මත සිදු කරන ලදි.

තවද මේ සදහා ප්‍රාදේශීය සභා සේවක සංගමය, මිද්දෙනිය හස්ති සංසදය හා මිද්දෙනිය වෙලද ප්‍රඡාව, මිද්දෙනිය පොලිසිය යන ආයතන වල අනුග්‍රහය හා මැදිහත් වීමද ලැබුණු අතර, එදින රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත් පිංකමක් හා උදෑසන දානමය කටයුත්තක් පැවැත්විනි.