දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම 

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය;


2.A 4 කඩදාසියක මුද්‍රණය කරන ලද, ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන දැන්වීමෙහි සමරූපී ආදර්ශයක් (යොදා ගනු ලබන වර්ණ ද සහිත ව);


3.කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ වන පරිදි ඒ මාර්ගයේ අයිතිය ඇති මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා අවසර දුන් ලිපියේ මුල් පිටපත;


4.කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ ප්‍රචාරක දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරන ස්ථානය අයත් වන පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ප්‍රධානියා විසින් නිකුත් කළ ලිපියේ මුල් පිටපත;


5.ඉල්ලුම්කරු ඉඩමේ අයිතිකරු නොවන විට, දැන්වීම ප්‍රදර්ශනය කරනු ලබන ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් ඒ සඳහා ඉඩ දෙන ලද බව ප්‍රකාශිත ලිපියේ මුල් පිටපත;


6.නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 104 වන නියෝගය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝ සභාව විසින් අනුමත කළ බලපත්‍රයේ සහතික කළ පිටපත

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - දින 03

අදාල ගාස්තුව 

1.ඉල්ලුම් පත්‍ර ගාස්තුව
රු. (ගාස්තු අය නොකෙරේ)
2.අතුරු ව්‍යවස්ථාවේ නියම කර ඇති පරිදි දැන්වීමේ වර්ග ඵලය මත අවසර පත්‍ර ගාස්තුව


සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

1.විෂය භාර නිලධාරි

2.ආදායම් පරීක්ෂක

 

සේවා ගාස්තු පැනවීම් 

කටුවන ප්‍රාදේශීය සභාව 

  

විස්තරය  
2024 වර්ෂයට අදාල සේවා ගාස්තු පැනවීමට අදාල ගැසට් පත්‍රය බාගතකරන්න 
   
   
   
   
   
   

 

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබද පනත 

කටුවන ප්‍රාදේශීය සභාව 

 

තොරතුරු නිලධාරි 

නම                :-  ඩබ්.ආර්.එන් නුවන්දි රත්නායක

තනතුර            :- කළමනාකරණ සේවා නිලධාරි II

ලිපිනය            :- කටුවන ප්දේ‍රශීය සභාව, මිද්දෙනිය  

දුරකථන අංකය  :- 047-2247275

විද්‍යුත් තැපෑල    :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

 නම් කල නිලධාරි 

 

 

නම                :-  සී.එන් ජයසේකර 

තනතුර            :- ලේකම් 

ලිපිනය            :- කටුවන ප්දේ‍රශීය සභාව මිද්දෙනිය  

දුරකථන අංකය  :- 047-2247275

විද්‍යුත් තැපෑල    :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

 

 

 

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

අක්කර බදු අය කිරීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කළ සත්‍යෙක්ෂණ නිවේදනය

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

විනාඩි 15

අදාල ගාස්තුව 

සත්‍යෙක්ෂණ නිවේදනයේ දැක්වෙන මුදල

 

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය 

පෙරටු කාර්යාල නිලධාරි
047-2247275

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

ආදායම් පරීක්ෂක

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය;
2.A 4 ප්‍රමාණයේ කඩදාසියක අඳින ලද, සැණකෙළියේ කාර්යයට යොදා ගන්නා සෑම අංගයක් ම පෙන්නුම් කරන සැණකෙළි භූමියේ දළ රූප සටහනක්;
3.ඒ ස්ථානයට රැස් වන මහජනතාවට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් (ස්ත්‍රී, පුරුෂ සහ ආබාධිත අයට වෙන වෙනම) සපයනු ලබන බවට තහවුරු කරන ලිපියක්;
4.ඒ ස්ථානයේ ඉදි කර ඇති තාවකාලික ගොඩනැගිලි ප්‍රමාණවත් සවි ශක්තියකින් යුක්ත වන බවට යාන්ත්‍රික ඉංජිනේරුවරයකු විසින් නිකුත් කළ සහතිකයක්;
5.ඒ යම් ගොඩනැගිල්ලක රැස් වන මහජනතාවට දූෂණයට ලක් නොවූ හා ප්‍රමාණවත් වාතාශ්‍රය පවතින බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්;
6.හදිසි ගිනි ගැනීමක දී යොදා ගත හැකි පරිදි ප්‍රමාණවත් ගිනි නිවීම් උපකරණ (සාමාන්‍ය ගිනි නිවීම්, විදුලි ගිනි නිවීම් සහ ඉන්ධන ගිනි නිවීම් උපකරණ) යොදා ගනු ලබන බව තහවුරු කරන ලිපියක්;
7.ආපදා අවස්ථාවක දී, රැස් වී සිටින ජනතාව ඉතා කෙටි කාලයක් ඇතුළත ඉන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පිටවීමේ දොරටු සහ ආරක්ෂිත වැඩ පිළිවෙළ යොදා ඇති බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්;
8.සැණකෙළි භූමිය තුළ සාමය පවත්වා ගෙන යාමට අවශ්‍ය වැඩ පිළිවෙළ යොදා ඇති බවට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්.

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

දින 02

අදාල ගාස්තුව 

1.ඉල්ලුම් පත්‍ර ගාස්තුව
රු. . . . . . . . .
2.පෙරසැරි ගාස්තුව
රු. . . . . . . . .
3.බලපත්‍ර ගාස්තුව

 

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය 

පෙරටු කාර්යාල නිලධාරි
047-2247275

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

1.විෂය භාර නිලධාරි

2.තාක්ෂණ නිලධාරි

3.මහජන සෞඛ්‍ය පරීක්ෂක

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

ජල මනුව අවශ්‍ය ස්ථානයකට මාරු කිරීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

ඉල්ලීම් ලිපිය

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

දින 02

අදාල ගාස්තුව 

රු.500.00


සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය 

පෙරටු කාර්යාල නිලධාරී
047-2247275. 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

විෂය භාර නිලධාරි

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

ජල සන්දි / විසන්දි කිරීම්.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

දින 03

අදාල ගාස්තුව 

රු.3000.00


සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය 

පෙරටු කාර්යාල නිලධාරී
047-2247275. 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

විෂය භාර නිලධාරි

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

ජල සම්බන්ධතාවය ලබා ගැනීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

දින 03

අදාල ගාස්තුව 

රු.30924.00


සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය 

පෙරටු කාර්යාල නිලධාරී
047-2247275. 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

විෂය භාර නිලධාරි

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

භූමිය බදු දීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

01.ඉල්ලීම් ලිපිය
02. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය



 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

 

අදාල ගාස්තුව 

ගැසට් පත්‍රය අනුව අයකිරීම් සිදු කරනු ලබයි


සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය 

ආදායම් පරීක්ෂක

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

විෂය භාර නිලධාරි

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

ඇතැම් ඉඩම් විකිණීම මත බදු.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ඇතැම් ඉඩම් විකිණීම මත බදු නිවේදනය

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

විනාඩි 15

අදාල ගාස්තුව 

ඉඩම විකුණන ලද මුදල් වටිනාකමෙන් සියයට එක(1%) ක්


සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය 

 1.ආදායම් පරීක්ෂක

2.පෙරටු කාර්යාල නිලධාරි
047-2247275

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

විෂය භාර නිලධාරි