වරිපනම් අංශය
2024 වර්ෂයේ ජනවාරි 01 දින සිට කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මිද්දෙනිය කලාපයේ ග්‍රාම නිලධාරි වසම් 4 ක් සදහා වරිපනම් බදු අය කිරිම ආරම්භ කරන ලදි .
1) මිද්දෙනිය උතුර
2) මිද්දෙනිය නැගෙනහිර
3) මිද්දෙනිය බටහිර
4) මුරුංගස්යාය බටහිර
ඉහත ග්‍රාම නිලධාරි වසම් වල සියලු දේපල හිමියන් සදහා වරිපනම් පනවා ඇත.
වරිපනම් ගාස්තු ගෙවීම් කිරිමේදි සෑම කාර්තුවකටම පළමු මස 30 දිනට පෙර ගෙවීම් කරන්නේ නම් 5% ක වට්ටමක් ද හිමි වනු ඇත.
තවද වරිපනම් ගාස්තු නොගෙවීම සම්බන්ධයෙන් 1987 අංක 17 දරණ ප්‍රාදේශිය සභා පනතේ විධි විධාන අනුව දේපල තහනමට ගැනීමටද බලය ඇත .
වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරිම සදහා ගත යුතු ක්‍රිියාමාර්ග.
- ප්‍රසිද්ධ නොතාරිස් තැන විසින් සම්පුර්ණ කරන ලද ඔප්පු සාරාංශ පෝරමය.
- දේපල හිමිකරුගේ ඉල්ලීම් ලිපිය.
- ඔප්පුවේ පිටපතක් .
- වරිපනම් තක්සේරු දැන්විමේ පිටපත.
- වරිපනම් තක්සේරු දැන්විමේ පිටපත.
QR මගින් ගෙවීමට පෙර පහත උපදෙස් අනුගමනය කරන්න
QR යෙදවුම මගින් ජල බිල්පත් වලට ගෙවීමේ පියවරයන්
1. ඔබගේ QR ගෙවීම් ජංගම දුරකථන යෙදවුම භාවිතා කර පහත සදහන් කේතය ස්කැන් කර payment reference යන ස්ථානයට අංක හතරකින් හා ඉංග්‍රිසි අකුරකින් සමන්විත ජල බිල් අංකය ඇතුලත් කරන්න .
උදා - B0105
2.Amount - යන ස්ථානයට ගෙවිය යුතු මුදල සටහන් කරන්න.
3.Reference- යන ස්ථානයට දුරකථන අංකය ඇතුලත් කරන්න.
4.පසුව Pay කරන්න
5. ඉන් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන අංකයට OTP Cord එකක් ලැබෙන අතර, ලැබෙන අතුරු මුහුනතෙහි එය සටහන් කර තහවුරු කිරිම සදහා confirm කරන්න.

QR යෙදවුම මගින් වෙනත් ගෙවීමකට අදාල ගෙවීමේ පියවරයන්
1. ඔබගේ QR ගෙවීම් ජංගම දුරකථන යෙදවුම භාවිතා කර පහත කේතය ස්කැන් කර payment reference යන ස්ථානයට
1.1 වරිපනම් සදහා - වරිපනම් අංකය සටහන් කරන්න
1.2 කඩකුලියක් සදහා - කුමන ස්ථානයක කඩ කාමර අංකයද කුමන මාසයක් වෙනුවෙන් ගෙවීම සිදු කරන්නේද යන්න ද සටහන් කරන්න
1.3 බලපත්‍ර ගාස්තු සදහා- බලපත්‍ර අංකය සටහන් කරන්න
සැ.යු (මීට අමතරව ගෙවීමක් සිදු වේ නම් කුමන කාරනයක් සදහා ගෙවන්නේද පිලිබද සවිස්තරාත්මකව මෙම ස්ථානයේ සටහනක් නිවරදිව සටහන් කල යුතුය)
2.Amount - යන ස්ථානයට ගෙවිය යුතු මුදල සටහන් කරන්න.
3.Reference- යන ස්ථානයට දුරකථන අංකය ඇතුලත් කරන්න.
4.පසුව Pay කරන්න
5. ඉන් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන අංකයට OTP Cord එකක් ලැබෙන අතර, ලැබෙන අතුරු මුහුනතෙහි එය සටහන් කර තහවුරු කිරිම සදහා confirm කරන්න.

QR ගෙවීම් පිළිබද ඔබගේ ගැටඵවක් වේ නම් 047-2247275 දුරකථන අංකය මගින් අප වෙත යොමු කරන්න.
මෙහෙවර ප්‍රකාශය
"කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වන පොදු මහජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික මුලික මිනිස් අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික උරුමයන් සාක්ෂාත් කර, ඔවුන්ට වඩාත් සුරක්‍ෂිත වු දේශයක් උරුමකර දෙමින් අභිමානවත්ව නැගී සිටිමට හැකියාව ඇති මිනිස් පරපුරක් බිහිකර ප්‍රදේශයේ ජනතාවට හිමි සම්පත් ක්‍රමවත්ව වැඩි දියුණු කර අත්‍යාවශ්‍ය පොදු පහසුකම් සපයා දෙමින් කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතා අපේක්‍ෂාවන් මැනවින් ඉටුවන ආකාරයට ගොඩනැංවීම අපගේ පරමාර්ථය වේ."