banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

හොදම දේ දරුවන්ට වැඩසටහනට අදාල ප්‍රශ්ණ පත්‍ර 2021

 

 

ගණිතය ප්‍රශ්ණ පත්‍රය  2021 බාගතකරන්න 
ආදර්ශ ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍රය 2021 බාගතකරන්න 
   
   
   
   
   
   
   
   

ඡේ.ඒ.අයි නදීක

ලේකම්

     

කේ එච් සී සමන්ත අබේධීර

ආයුර්වේද වෛද්‍ය නිලධාරි

     

 කේ එච් ලලනි දේවිකා

සංවර්ධන නිලධාරි

     

 ඩබ් සුභාෂිනි

සංවර්ධන නිලධාරි

     

 ඒ ශිරෝමා හේමාලි

සංවර්ධන නිලධාරි

     

 ටී ඩී නලින් දේශප්‍රිය

 

     
 කේ කේ ප්‍රදීපා      
පුෂ්පකුමාර වික්‍රමසිංහ      
ඡී චමින්ද      
ඒ තනුඡා ප්‍රියංගනී      
ඩබ් එච් ඒ ඉන්දික      
 කේ ඡී අනුර      
 එම් පී අයි සුභාෂිනි      
 එච් ඒ චමින්ද වික්‍රමසිංහ      

 ඡි අනුෂ්කා සදමාලි

පුස්තකාලාධිපති

     

 කේ ශිරෝමි ප්‍රියදර්ශනී

පුස්තකාලාධිපති

     

 ආර් ඡි සමන්

තාක්ෂණ නිළධාරි

     

 කේ පී තිලිනි හර්ෂණි

තාක්ෂණ නිලධාරි

     
 කේ පී තිලිණි හර්ෂණි      
 කේ ඩී දීපා චාන්දනි      
 වයි පමෝදා අරුණප්‍රභා      
 ආර් කේ එස් පී නිල්මිනි      
 ඩබ් කේ ඩී මධුභාෂිනි      
 එච් ඩී ඩී යසින්තා මධුෂානි      
 ඒ අනුුරුද්ධිකා      

 

 ආදායම් අංශය

කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ග්‍රාම සේවා වසම් 84 කි.උප කාර්යාල 02කි.එම ප්‍රදේශයේ ඇති ව්‍යාපාර හඳුනාගෙන වර්ශයට අදාල ගැසට් නිවේදනය අනුව බල ප්‍රදේශයෙන් අවුරුද්දකට වෙළඳ බලපත්‍ර ගාස්තු ලක්ෂ 10ක් පමණ අය කරනු ලැබේ.

ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවත්වා ගෙන යන සෑම ව්‍යාපාරයක්ම සෑම වර්ෂයකම ජනවාරි මාසයේ සිට මාර්තු 31 තුල අදාල ගාස්තුව ගෙවා ලියාපදිංචි කල යුතුය.


සෑම ව්‍යාපාරිකයෙක්ම ගරු සභාපතිතුමා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමාගේ හා මහජන සෞඛ්‍ය පරික්ෂක මහතාගේ උපදෙස් පිළිපැදිය යුතුය.ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම අධිකරණයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ලියාපදිංචිය ප්‍රමාද වූ විට අධිකරණයේ නඩු පවරා එම මුදල සභාව අය කර ගැනීම

 

 

සේවාව සේවා සඳහා අනුමත ගාස්තු රජයේ බදු සමග ගාස්තු

ප්‍රචාරක බැනර් ගාස්තු (වර්ග අඩියකට)

බැනර් සඳහා ප්‍රදර්ශන කාලය මාස තුනකි

රු 35.00   රු 35.00

දැන්වීම් පුවරු ගාස්තු (වර්ග අඩියකට)

දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය වන කාලය වසරකි

රු 100.00   රු 100.00

පාපැදි ගාස්තුව

රු 10.00 රු 10.00




 

අක්කර බදු

අක්කර බදු අය කිරිම හෙක්ටයාරයකට රු 100.00 ක් වන අතර වැඩි වන හැම අක්කරයකටම රු 10.00 කි . දැනට කිරම උප කාර්යාල බල ප්‍ර‍දේශයේ පමණක් අක්කර 05 ට වැඩි ඉඩම් වලින් පමණක් අක්කර බදු අය කරයි.

 

කඩ කුලී
සෑම මසකම 20 වන දිනට පෙර කඩ කුලී  ගෙවිය යුතු අතර, ප්‍රමද වි ගෙවීම් සදහා 10% ක දඩ මුදලක් මසකට හෝ ඉන් කොටසකට ගෙවීමක් කළ යුතුය

වර්ෂ තුනකට වරක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් කලින් කලට  කරනු ලබන තක්සේරු කිරීම් වලට අනුව, මෙම මාසික බදු මුදල ප්‍රතිශෝධයට යටත් විය හැකි අතර, එලෙස ප්‍රතිශෝධන වන අවස්ථාවලදී එම ප්‍රතිශෝධන බදු මිල ගෙවිමට බදු ගැනුම්කාර පාර්ශවය එකඟ විය යුතුය.

මාස 03 කට වඩා හිඟ මුදල් ශේෂයන් පවත්වාගෙ යාම, ගිවිසුම් කොන්දේසි කඩ කිරිමක් වන බැවින්, කඩ කාමර නැවත කටුවන ප්‍රාදේශීය සභාවට පවරා  ගැනීමට කටයුතු කරනු ලැබේ.

 

බලපත්‍ර ගාස්තු
කටුවන ප්‍රාදේශීය සභාව තුළ පවත්වාගෙන යන සෑම ව්‍යාපාරයක්ම සෑම වර්ෂයකටම ජනවාරි මාසය තුළ අදාල ගාස්තුව ගෙවා ලියාපදිංවි කළ යුතුයි.
ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අධිකරණයේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර, ලියාපදිංචිය ප්‍රමාද වූ විට රු. 250/- බැගින් අතිරේක දඩ මුදලක් ගෙවිමට යටත් වන්නේය.

 

ආදායම් අංශය පිළිබද ඔබේ ගැටඵ 0716861860 යන දුරකථන අංකය මගින් එස් දුෂාන්ති මහත්මිය වෙත හෝ 0714806257 මගින් එම්.කේ.ටී චතුරිකා මහත්මිය වෙත  යොමු කරන්න

 
 

         

          

 

 පාරිසරික අංශය

කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලමින් පරිසරය අලංකාර වත්ව පිරිසිදුව තබාගනිමින් පරිසරය ආරක්ෂා කිරීම අපගේ ව්‍යායාමයයි.

 

ප්‍රධාන කාර්ය භාරයන් සහ අපද්‍රව්‍ය කළමනාකරණය

♦ නගර පවිත්‍රකරණය

♦ කසල එකතු කිරීම

♦ කාණු පද්ධතිය පිරිසිදු කිරීම

 

ආහාර සුරක්ෂිතතාව

♦ මහජන පොළ හා පොදු වෙළඳපොළ අධීක්ෂණය අනාරක්ෂිත ආහාර සම්බන්ධව කටයුතු කිරීම

 

රෝග වාහකයන් පාලනය කිරීම

♦ මදුරුවන් මැස්සන් වර්ධනය පාලනය කිරීම

♦ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

♦ ප්‍රධාන නගර ආශ්‍රිතව ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 

ජලභීතිකා රෝග පාලනය

♦ සුනඛයින්ට එන්නත් ලබාදීම

 

පාරිසරික සෞඛ්‍යය

♦ පාරිසරික ආරක්ෂාව සඳහා බලපත්‍ර නිකුත් කිරීම

♦ මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම

♦ පරිසර දුෂණය පිළිබඳ සොයා බැලීම

♦ පරිසර දුෂණ තත්වයන් සඳහා නීතිමය කටයුතු කිරීම

 

පාරිසරික අංශය පිළිබද ඔබගේ ගැටඵ 0773532139 දුරකථන අංකය මගින් කේ.ඡි අනුර මහතා  වෙත යොමු කරන්න.

 

 කටුවන ප්‍රාදේශීය සභාවේ භූකැන්දයාය ආදාහනාගාරය.

    

   

 

කටුවන ප්‍රාදේශිය සභාවට අයත් කටුවන ආදාහනාගාරය කටුවන සිට  හොරවින්න මාර්ගයේ මීටර් 750 ක දුරින් පිහිටා ඇත.


ආදාහනාගාරය ඉදි කිරීම සදහා 2014 පළාත් නැගුම වැඩසටහන යටතේ මුල්කිරිගල ආසන සංවිධායක වී.කේ ඉන්දික මැතිතුමාගේ මන්ත්‍රි ප්‍රතිපාදන යටතේ රු 10177266.63 ක මුදලක් ද ප්‍රාදේශී සභා අරමුදල් යටතේ රු 3534518 ක්ද ප්‍රංශයේ අධිකරණ සංඝනායක අති පුඡ්‍ය මුරුංගස්යායේ ඤානිස්සර හිමිපානන් වහන්සේගේ මුල්‍ය ප්‍රතිපාදන ලෙස රැ 3000000.00 ක මුදලින් මෙම ආදාහනාගාරය සංවර්ධනය කර වැඩ අවසන් කර ඇත.

 ආදාහනයක් සිදු කිරීමට අය කරන ගාස්තු

කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පදිංචි කරුවන් සදහා ආදාහනයක් සිදු කිරීමට  රු 10000/-
කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් පිටත පදිංචි කරුවන් සදහා ආදාහනයක් සිදු කිරීමට  රු 12000/-

 

 

 

 

 මේ පිලිබද වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා 0712523582 අංකය යටතේ ඉංදික මහතා අමතන්න 

ආදාහනාගාරය වෙන් කිරීමට අදාල අයදුම් පත්‍රය හා ගිවිසුම් පත්‍රය මෙතනින් බාගතකරන්න

මේ පිළිබද ඔබේ ගැටඵ 0703225300 යන දුරකථන අංකය මගින් ඉංදික මහතා වෙත යොමු කරන්න

 

 කටුවන ප්‍රාදේශීය සභාවේ විද්‍යුත් පුස්තකාලය ‍හා තො‍රතුරු තාක්ෂණ මධ්‍යස්ථානය

 

හැදින්විම
තොරතුරු තාක්ෂණයේ දියුණුව සමග මුළු ලොවම එකම විශ්ව ගම්මානයක් බවට අද වන විට පත් වි ඇත .මෙම විපර්යාසය හේතුවෙන් අපගේ අවශ්‍යතාවන් දිනෙන් දින  වෙනස් වේ .අද වන විට තොරතුරු වලින් තොරව සමාජයේ ජීවත්විම අපහසුය .තොරතුරු තාක්ෂණයෙන් සපිරි තොරතුරු මධ්‍යස්ථානයක් කටුවන ප්‍රාදේශිය සභාවේ ජනතාව වෙත ලබා දිමට අප අදහස් කලේ මේ  නිසාය .මේ හරහා අප අධ්‍යාපනික හා වෘත්තිය වශයෙන් වැදගත් තොරතුරු රාශියක් ඹබ වෙත ලබා දිමට කටයුතු කර

 

 

අරමුණු
අප ප්‍රදේශයේ ජනතාව තාක්ෂණ හා මුසු කිරිමේ අභිලාෂය පෙරදැරිව මෙය ආරම්භ කෙරේ .මෙහිදි ප්‍රජාව තොරතුරු තාක්ෂණය හා සමග සමීප කරවිම තුලින් ඉතාමත් සුක්ෂම ලෙස එදිනෙදා තොරතුරු දැනුම මෙන්ම වෘත්තියමය අවශ්‍යතාවන් ඉතාමත් කාර්යක්ෂමව හා ඵලදායි ආකාරයෙන් ලබා දිම අරමුණු වේ.

නොමිලේ තොරතුරු සැපයිම

♦ තොරතුරු අවශ්‍ය කරන පාර්ශවයන්ට රාජ්‍ය ආංශයේ සේවා හා රාජ්‍ය ආයතන සේවා පිළිබද තොරතුරු ලබා දිම .
♦ සංචාරකයන් සදහා අවශ්‍ය තොරතුරු හා සංචාරක ස්ථාන පිළිබද තොරතුරු ලබා දිම.
♦ පාසල් ලමුන් සදහා අධ්‍යාපනික වශයෙන් වැදගත් තොරතුරු ලබා දිම.


විද්‍යුත් පුස්තකාල පහසුකම ලබා දිම
මේ යටතේ මෙය පරිහරනය කරන පාර්ශවයන්ට පහත පහසුකම් සලසයි

♦ විද්‍යුත් පොත් පත් පරිහරනය

♦ බහු මාධ්‍ය විශ්වකෝෂ පරිහරනය

♦ ස්වංක්‍රිය අධ්‍යාපන වැඩ සටහන්

♦ අධ්‍යාපනික විඩියෝ දර්ශන විඩියේ චිත්‍රපටි නාට්‍ය පරිහරණය

♦ සිතියම් පිලිබද අධ්‍යන වැඩසටහන්

ලබා දිම සිදු කරයි

අන්තර්ජාල පහසුකම් හා ස්කයිප් භාවිතා කිරිමට අවස්ථාව
අන්තර්ජාල පහසුකම් හා ස්කයිප් භාවිතා කිරිමේ පහසුකම සභාව විසින් සපයන අතර මේ සදහා සාමාජික නොවන අයටද සම්බන්ධවිය හැක. මෙහිදි විනාඩි 15 ක් සදහා  රු 10.00 ක ගාස්තුවක් අය කරනු ලබයි.
විද්‍යුත් පුස්තකාලයේ සාමාජිකයන් සදහා සතියකට පැය 1 ක් අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා ගත හැකිය.   

විවෘත කරන දිනය හා වේලාව
සතියේ සැම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 4.30 දක්වා විවෘතව ඇත.

අය කරන ගාස්තුව
මේ සදහා කටුවන ප්‍රාදේශිය සභාව විසින් සාමාජික ගාස්තු රු 100.00 ක් අය කරන අතර  දිනකට පැය 02 බැගින් විද්‍යුත් පුස්තකාල මාසයක් පැය 20 ක කාල සිමාවකට යටත්ව භාවිතා කල හැක.

ඔබට විද්‍යුත් පුස්තකාලය පිළිබද වැඩි විස්තර ලබා ගැනිමට අවශ්‍ය නම් 077-8571110 දුරකථන අංකය මගින් හේෂාන් චාමික මහතා අමතන්න.

 

විද්‍යුත් පුස්තකාල අයදුම්පත මෙතැනින් බාගත කරන්න

 

         

 

         

 

කටුවන ප්‍රාදේශීය සභාවේ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

නීරෝගි බව යනු සමෘද්ධිමත් සමා‍ජයක් රදා පවත්නා ප්‍රධාන නිර්නායකයකි . එම සමාජ මෙහෙවර ඉටු කරනු වස් ප්‍රජා‍වගේ නිරෝගිතාවය  සුරක්ෂිත කිරිමේ අරමුණින් කටුවන ප්‍රාදේශිය සභාව යටතේ රජයේ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවක් දැනට පවත්වාගෙන යනු ලැබේ. එය කිරම උපකාර්යාලිය පරිශ්‍රයේ දැනට ස්ථාපිත කර ඇත.

කළාපයේ දිළිදු ජනතාවගේ යහපත් ජිවන පැවැත්ම වෙනුවෙන් මෙම බෙහෙත්  ශාලාව මගින් විශාල මෙහෙවරක් සිදුවේ. සතියේ දින හයක් පුරා විවෘත ව පවත්නා අප බෙහෙත් ශාලාව සදහා වාර්ෂිකව වැයකරන  මුදල රුපියල් ලක්ෂ 02 ක් පමණ වේ.

ඉදිරි වසර තුළදි තව දුරටත් නවිකරණය කිරිමට බලාපොරොත්තු වන අතර එහිදි රෝගින් වෙනුවෙන් සියලු සැප පහසුකම් සලසා ඔවුන්ට නේවාසික පහසුකම් ලබා දි නේවාසික  ප්‍රතිකාර සදහා යොමු කිරිම දක්වා මෙම ප්‍රජා සේවාව පුළුල් ව ව්‍යාප්ත කිරිම අපගේ අරමුණ වේ.

 

     

 

     

 

කටුවන ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය

 

 අපගේ ප්‍රාදේශිය සභාව යටතේ පුස්තකාල 04ක් පවතී.

01. කටුවන ප්‍රාදේශිය සභා පුස්තකාලය ( 1992-03-19 දින ආරම්භ කරන ලදී)
02. කිරම උප කාර්යාලීය පුස්තකාලය (1978-06-01 දින ආරම්භ කරන ලදී)
03. මිද්දෙනිය උප කාර්යාලීය පුස්තකාලය ( 1978-02-28 දින ආරම්භ කරන ලදී)
04. වරාපිටිය පුස්තකාලය ( 1993-11-03 දින ආරම්භ කරන ලදී)
 
  වර්ග කි.මි.169 ක් හා ග්‍රාම නිළධාරි වසම් 84ක ජනගහනය 74848 ප්‍රමාණයක දැනුම් පවස නිවාලීමට අප පුස්තකාල සමත් වී ඇත.දැනට තුන්වන ශ්‍රේණියේ පුස්තකාල වශයෙන් පවතින අතර පාඨකයන් 3500 ට ආසන්න ප්‍රමාණයක් අපගේ සේවාව ලබා ගැනීමත් , දිනෙන් දින සාමාජික වන පිරිස වර්ධනය වීමත් ප්‍රවනතාවයකි. තිබූ තත්වයට වඩා නවීකරණය වෙමින් අපගේ පාඨකයන්ට ඉතාමත් පහසුවෙන් දැනුම් අවශ්‍යතාවය සපුරා ගත හැකි පරිදි මිද්දෙනිය පුස්තකාලය සඳහා අන්තර්ජාල පහසුකම් දක්වා සේවාව ව්‍යාප්ත වීම අප ලද ජයග්‍රහණයකි. මූලික වශයෙන් ළමා අංශය , කියවීම් අංශය ,බැහැරව දෙන අංශය, විමර්ශන අංශය, පුවත්පත් අංශය වශයෙන් පාඨකයාට දැනුම ලබා ගැනීමට පහසු කරවීම සඳහා අංශ වලට බෙදා ඇත.


    පාඨකයන් සඳහා නිර්මාණ එකතුව බිත්ති පුවත්පත් මඟින් ප්‍රදර්ශණය කිරීම, සඟරා සකස් කිරීම, පාඨක තරඟ පැවැත්වීමට අමතරව සංස්කෘතිමය වශයෙන් ප්‍රදේශයේ පුරාණ විහාරය සම්බන්ධ කර ගෙන පෙරහැර පැවැත්වීම හා පාඨක සමාජ මඟින් බෝධි පූජා පැවැත්වීම, පෝයටපෙර දින විහාර භූමි ශුද්ධ පවිත්‍ර කිරීම මෙන්ම දාන ශීල භාවනා වලට යොමු කරවීම වැනි කාර්යන් සිදු කිරීම තුලින්ද පාඨකයාගේ මනස දියුණු කරලීම අපගේ බලාපොරොත්තුව වේ.


    එළඹෙන සහශ්‍රය කරා යන ගමනේදී ප්‍රජාවගේ බුද්ධිය , දැනුම වඩාත් පහසුවෙන් වර්ධනය කිරීම අරමුණු කරගෙන දෙවන ශ්‍රේණියේ පුස්තකාල බවට අපගේ පුස්තකාල පත්කර ගැනීම අපගේ ඉලක්ක වේ.

 

පුස්තකාල සාමාජික ගාස්තු

       සාමාජික ගාස්තු රු 50.00

       පාඨක සමාජ ගාස්තු රු 10.00

       ප්‍රමාදවන සැම දිනකම රු 1.00

 

කටුවන ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල වල සාමාජිකත්වය ලබා ගැනීම සදහා වු අයදුම්පත්‍රය මෙතැනින් බාගත කරගන්න

            

 

          

 

කටුවන ප්‍රාදේශීය සභාවේ පෙර පාසල්

 ප්‍රජාවේ  සමෘද්ධිමත් බව වෙනුවෙන් ප්‍රජා‍ මෙහෙවරක් වශයෙන් මුදල් අය කිරිමකින් තොරව පවත්වාගෙන යනු ලබන  පෙර පාසල් වෙනුවෙන් කටුවන ප්‍රාදේශීය සභාව මගින් අරමුදල් වෙන්කර ඇත . මේ යටතේ ගුරුභවතුන් සදහා වැටුප් දීමනා ල‍බා දීම ,දරුවන් වෙනුවෙන් නිල ඇදුම් ලබාදිම , පොත් ලබාදිම හා උපකරණ ලබාදීම, විනෝද චාරිකා හා විවිධ ප්‍රසංග පැවැත්වීම සහ සියලුම පහසුකම් සපයාදීම,  සියලුම නඩත්තු කටයුතු කිරිම  සිදුකරනු ලැබේ .

   මෙහිදි මිද්දෙනිය මුරැංගස්යාය බටහිර උපකාර්යාලීය පෙර පාසල හා කිරම උපකාර්යාලීය පෙර පාසල දැයේ කුඩා දරුවන් වෙනුවෙන් අංග සම්පුර්ණ සෙල්ලම් මිදුල හා පහසුකම් වලින් සමන්විතව නවිකරණය කර ඇත .

   මෙයට අමතරව අප ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පවත්නා ලේඛණගත කර ඇති අනෙකුත් පෙර පාසල් වෙනුවෙන් විශාල සමාජ මෙහෙවරක් අප සභාව විසින් සිදු කරනු ලබයි .ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා ලබා දිම හා පෙර පාසල් අයදුම්පත් ,සහතිකපත් ,උපකරණ ලබා දිම වැනි ක්‍රම තුළින් මෙම කර්තව්‍යය  සදහා අප දායක වෙයි .

  කටුවන ප්‍රාදේශිය සභාව යටතේ පෙර පාසල් 05ක් පාලනය වේ.සිසුන් 250 ට ආසන්න ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය ලබයි. මෙම පෙර පාසල් පාලිකාවන් සදහා සභාව මගින් වැටුප් ගෙවන අතර,සභාව මගින් නොමිලේ පවත්වාගෙන යනු ලබයි.


01.මුරුංගස්යාය බටහිර උප කාර්යාලීය පෙර පාසල
අංක 496 මුරුංගස්යාය බටහිර ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1975 වර්ෂයේ ආරම්භ කරන ලදි. මිද්දෙනිය බස් නැවතුම්පොළ අසල මිද්දෙනිය උප කාර්යාලීය පරිශ්‍රය තුල මෙය පිහිටා ඇත.
 
02. රණසිංහගොඩ දිලෙන තරු පෙර පාසල
අංක 532 රණසිංහගොඩ ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1989-06-23 දින ආරම්භ කරන ලදි. මිද්දෙනිය වලස්මුල්ල මාර්ගයේ කටුවන සිට කි.මි.01ක් පමණ දුරින් මෙයට පිවිසිය හැකිවේ.
 
03. ගල්පොතුකන්ද සමනල පෙර පාසල
අංක 546 ගල්පොතුකන්ද ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1989-06-29 දින ආරම්භ කරන ලදි. මිද්දෙනිය වලස්මුල්ල මාර්ගයේ කරමැටිය මංසන්ධියෙන් හැරී අඹගහහේන පාසල අසල මෙය පිහිටා ඇත.
 
04.කිරම උප කාර්යාලීය පෙර පාසල
අංක 551 වෙළඳගොඩ  ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1975-12-30 දින ආරම්භ කරන ලදි.මෙය මිද්දෙනිය වලස්මුල්ල මාර්ගයේ කිරම උප කාර්යාලීය පරිශ්‍රය ආසන්නයේ පිහිටා ඇත.


05. සියඹලාමුරය උදාතරු පෙර පාසල
අංක 519 සියඹලාමුරය ග්‍රාම නිළධාරි වසමට අයත් මෙය 1989-06-23 දින ආරම්භ කරන ලදි. කටුවන ගොමඩිය මාර්ගයේ ඇඟළුම් කර්මාන්ත ශාලාව අසල මෙය පිහිටා ඇත.

 

කටුවන ප්‍රාදේශීය සභා පෙර පාසලකට දරුවන් ඇතුල්කිරීම සදහා වු අයදුම්පත මෙතැනින් බාගත කරගන්න

                    

                   

            

             කර්මාන්ත අංශය

කටුවන ප්‍රාදේශිය සභාවේ කර්මාන්ත අංශය මගින් නාගරික ජනතාව වෙත නිකුත් කරනු ලබන විවිධ බලපත්‍ර, අනුමැති හා සහතික ඉතා කඩිනමින් ජනතාව වෙත ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇත.

අප වෙතින් පහත සඳහන් සේවාවන් ලබා ගැනීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලේඛණ පහත දැක්වේ.

 

01. වීථිරේඛා සහතිකය

♦ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත
♦ ආදායම් පරික්ෂක නිර්දේශය
♦ තාක්ෂණ සේවා නිළධාරි නිර්දේශය
♦ හිමිකම් ඔප්පුව
♦ බිම් කට්ටි සැලැස්ම

 

02. අනුබෙදුම් බලපත්‍රයක් ලබා ගැනීම

♦ හිමිකම් ඔප්පු පිටපත් 01

♦ අනුමත කිරීමට ඉදිරිපත් කරන මුල් බිම් කට්ටි සැලැස්ම හා එහි පිටපත් 03ක්

♦ අනුමත මුල් පිඔුරේ පිටපත් 01 

♦ නිසි පරිදි සම්පූර්ණ කරන ලද අනු බෙදුම්  අයදුම්පත්‍ර (මිනින්දෝරු මහතා සහතික කල)


 

03. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිම (සති 02) පළාත් පාලන ආයතකයකට සම්බන්ධ පාරක් සහිත ඉඩමක් නම් / නගර සිමාව තුල දින 21)



♦ හිමිකම් ඔප්පු පිටපත් 01

♦ අනුමත බිම් කට්ටි සැලසුම් පිටපත් 01

♦  අනුමත මුල් බිම් කට්ටි සැලැස්මේ පිටපත් 01

♦ ගොඩනැගිලි සැලසුම් පිටපත් 04

♦ නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගොඩනැගිලි බලපත්‍රය සඳහා වන අයදුම්පත්‍රය



(අයදුම්පත් ගාස්තුව රු 1000 ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව පෙරසරි ගාස්තුව අය කෙරේ)


04.අනුකුලතා සහතිකය නිකුත් කිරිම


 

ඉල්ලීමේ ලිපියක් (පදිංචියට සුදුසු බව තහවුරු කරන ) දින 14 (නගර සිමාව තුල දින 25)

ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව පෙරසරි ගාස්තු අය කරනු ලැබේ .



05. මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයේ සේවය ලබා ගැනීම

♦ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත

♦ ගිවිසුම

 
ඉහත සඳහන් සහතික, අනුමැතින් හා බලපත්‍ර නිකුත් කිරීමේදී සියළුම ලේඛණ නිවැරදිව හා නීත්‍යානුකුල වන්නේ නම් පහත සඳහන් කාල සීමාවන් තුලදී අදාල සහතිකය හෝ බලපත්‍රය ඔබ වෙත නිකුත් කරනු ලැබේ.

ලේඛණයේ නම  ගත වන කාලය
වීථිරේඛා සහතිකය විනාඩි 30
අනුබෙදුම් බලපත්‍රයක් ලබා ගැනීම දින 21
ගොඩනැගිලි බලපත්‍රය දින 35

  
සේවා සඳහා අනුමත ගාස්තු

සේවාවේ නම   අනුමත ගාස්තුව
නොපවරවා ගැනීම ,වීථිරේඛා අයිතිය පිළිබඳ හා ගොඩනැගිලි සීමා සහතිකය   රු. 500.00
ඔප්පු ලුහුඩු පිටපත් ඉල්ලුම්පත් ගාස්තු රු. 200.00
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සඳහා වන අයදුම්පත    රු.1000.00
මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයේ සේවය ලබා ගැනීම (පැයකට)  ඉන්දන සහිතව රු.5000.00 (ඩීසල් ලීටර් 12)
JCB යන්ත්‍රයේ සේවය ලබා ගැනීම (පැයකට)   ඉන්දන සහිතව
රු.2500.00
රෝලර් යන්ත්‍රයේ සේවය ලබා ගැනීම (දිනකට පැය 08 ) ඉංදන රහිතව
රු.9000.00
ලොරි ජල බවුසරය (4000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව රු.2000.00
ලොරි ජල බවුසරය (6000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව රු.2500.00
ලොරි ජල බවුසරය (13000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව රු.6500.00
ට්‍රැක්ටර් ජල බවුසරය (6000L වානිජ 10 KM දක්වා ) ඉන්දන සහිතව රු.3500.00
ට්‍රැක්ටර් ජල බවුසරය (3000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව
රු.1000.00
ට්‍රැක්ටර් ජල බවුසරය (4000L බල ප්‍රදේශය තුල 25 KM දක්වා ) ඉන්දන සහිතව රු.1200.00
ට්‍රැක්ටර් ජල බවුසරය (4000L ට්‍රැක්ටරය සමග ජලය රහිතව ) ඉන්දන සහිතව රු.6000.00
ට්‍රැක්ටරය දිනකට (50 KM හෝ පැය 06 ක්) ඉන්දන සහිතව රු.5000.00
ටිපර් රථය (කියුබ් 2.7 දිනකට 100 KM තුල) ඉන්දන සහිතව
රු.12000.00
ටිපර් රථය (කියුබ් 1.5 දිනකට 100 KM තුල) ඉන්දන සහිතව රු.9000.00
ටිපර් රථය (දිනකට) රු.8000.00
කටර් යන්ත්‍රය (දිනකට) රු.4500.00
වැකර් යන්ත්‍රය(දිනකට) රු.4500.00
පෝකර් යන්ත්‍රය (දිනකට) රු.3000.00
මික්ස්චර් යන්ත්‍රය(දිනකට) රු.3000.00

 



කර්මාන්ත අංශයේ සේවා පිළිබද ඔබගේ ගැටඵ  සදහා  0703805412 දුරකථන අංකය මගින් කාර්මික නිලධාරි තිලිණි හර්ෂණි මහත්මියද  0715724491  දුරකථන අංකය මගින් කේ කේ ප්‍රදීපා මියද  අමතන්න