කටුවන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඇති ඓතිහාසික ස්ථාන
සිත්තම්ගල්ලෙන රඡමහා විහාරය
දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වරාපිටිය ග්‍රාම නිළධාරි වසමේ රම්මල් කදුවැටිය පාමුල දර්ශනිය භුමි භාගයක මෙම සිත්තම් ගල්ලෙන රඡමහා විහාරය පිහිටා තිබේ . මාතර සිට හක්මණ හරහා මිද්දෙනිය මාර්ගයේ වලස්මුල්ල පසු කොට කිලෝමීටර් 07 ක් දුර පැමිණි පසු කිරම මංසන්දිය හමු වේ.කිරම හංදියෙන් වමට හැරි හිගොඩ මාර්ගයේ කි මී 5.5 පමණ දුරක් පැමිනි විට රම්මල වරාපිටිය හංදියෙන් වමට හැරි වරාපිටිය හදුගල මාර්ගයේ කි මී භාගයක් පමණ දුරක් පැමිණිමෙන් පසු මෙම විහාරස්ථානයට ලගා විය හැක.
මිට අමතරව මෙම විහාරස්ථානයට ලගා විය හැකි මාර්ග කිහිපයක් ඇත හිගොඩ මාර්ගයෙන් වරාපිටියට පැමිනිමත් මාවරල දෙහිගහහේන හරහා වරාපිටියට පැමිණිමටත් දෙයියන්දර හදුගල වරාපිටියට පැමිනිමටත් හැකි වේ මේ කුමණ මාර්ගයකින් වුවද විහාරස්ථානයට පැමිනිය හැක.වලගමිබා රඡ සමය දක්වා ඉතිහාසගත මෙම ස්ථානයේ නිර්මානය කරන ලද ඉහල විහාරය හා පහල විහාරය වශයෙන් දක්නට ලැබෙන ලෙන් විහාර 02 කි .කටාරම් කොටු දෙක තුලම රියන් සැතපෙන බුදු පිලිම දෙකක් නිර්මානය කර ඇත. සත් සතිය සුවිසි විවරනය වැනි බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සිතියමි කර ඇති හෙයින් සිත්තමිගල්ලෙන නමින් ප්‍රසිද්දියට පත් කර ඇත. නෙළුමිමල් ආදි චිත්‍රවලින් පියසි කොටස් අලංකාර කර ඇත.පුරාවිද්‍යාත්මක වටිනාකමි තහවුරු කර ගත හැකි සෙල්ලිපි රම්මල කන්ද ආශ්‍රිතව දැකගත හැක.
මෙම විහාරය ආශ්‍රිත වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය සිදු කරනු ලබයි සංස්කෘතික වටිනාකමකින් යුත් දර්ෂණිය ඇසල පෙරහැර පහත රට සාම්ප්‍රධානුකුලව නර්තන අංග බෙර දවුල් හේවිසි අලි ඇතුන් ගෙන් සමන්විත උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබයි .
රම්මල ආරන්‍ය සේනාසනය
කටුවන සිට කි මි 07 ක් පැමිණි පසු කිරම මන්සන්ධිය හමුවේ එහි සිට කි මි 06 ක් ගිය තැන වරාපිටියට හන්දියට පිවිසිය හැකිය එහි සිට ඌරුබොක්ක මාර්ගයේ කි මි 3 ක් ගිය විට රම්මල රක්ෂිතයට පිවිසිය හැක.
රම්මල අඩවියේ පිහිටි මෙම සේනාසනය ඓතිහාසික වශයෙන් වැදගත් කමක් උසුලනු ලබයි .ඒ බව සනාථ කරමින් අදටද එහි පුරාණ සෙල්ලිපි කිහිපයක් දැක ගත හැක.රම්මල ආරණ්‍ය සේනාසනය ගිහි පැවිදි ඡනතාවගේ ගත සිත නිවන තෝතැන්නක් වශයෙන් සදහන් කල හැක .ස්වාභාවික තුරු ලතා හා වන සතා සිවුපාවන් සහිත මෙම රක්ෂිතය ස්වභාව දර්මයාගේ අපුර්වතම නිර්මාණයකි. අදවන විට සංචාරකයන්ට පැමිණිය හැකි වන පරිදි මෙහි මාර්ගය නවිකරණය වි ඇත.
කටුවන බලකොටුව
වෂි 1645 දි ලන්දේසින් විසින් ඉදිකරන්නට යෙදුනු කටුවන බලකොටුව දිග පළලින් අඩි 150 පමණ වන චතුරාස්‍රාකාර නිර්මාණයකි. මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 පමණ උසින් යුක්ත අතර එහි අභ්‍යන්තරය දළ වශයෙන් අඩි 08 ක සිට අඩි 12 දක්වා වෙනස් වන උසකින් යුක්ත වේ. ප්‍රාකාරය විශාල කළුගල් කුටිටි යොදා ගනිමින් හුණු බදාමයෙන් සකස් කර තිබේ. කෙසේ වෙතත් බලකොටුවේ වර්තමාන ශේෂිත තත්වය එහි ඉපැරනි ව්‍යුහය හදුනා ගැනිම කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි නමුත් ඡර්මන් ඡාතික යොහාන් හැන්ග් හයිටි 1734 දි කටුවනට පැමින බලකොටුව පිළිබද ඉදිරිපත් කර ඇති තොරතුරු යම් තරමකට මේ අඩුව පුරවා ලිමට උපකාරි වෙයි ඔහුට අනුව බලකොටුවේ බැසිටියන් දෙකකට වඩා නොමැති නමුත් පහසුවෙන් කාලතුවක්කු 12 ක් සවි කිරිමේ හැකියාව තිබිණි.
ගොඩනැගිල්ලට ප්‍රවේශ දොරටු ඇත්තේ එකකි එහි වම් පසින් බලකොටුව තුල ඉතා උස් වු ගොඩනැගිල්ලක් දක්නට ලැබේ. එහි ඔරලෝසුවක් ද සවි කර තිබු අතර එය යුද්ධෝපකරණ ගබඩාවට ඉහලින් දර්ශනය වේ කොටුව ප්‍රාකාරව යාබදව දකුණු පසින් ඇත්තේ ප්‍රධාන අණදෙන නිළධාරියගේ නිල නිවහනයි මිදුලේ දිග පැත්තේ ගබඩා ගෘහය දැකගත හැක එහි කෙලවර පිහිටා ඇත්තේ යුද්ධෝපකරණ තැම්පත් කල ගෘහයයි දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි ඉහල මාලයේ පදිංචිය සදහා වෙන්වි තිබේ ඊට නුදුරින් ඇතතේ කොස්තාපල් තැනගේ නිවාසයයි. බලකොවේ තවත් කෙලවරක උපකරණ වලින් පරිපුර්ණ ශෛල්‍යාගාරයක් දක්නට ලැබේ. ප්‍රධාන ප්‍රවේශයට වම් පසින් විශාල ලිදක් දක්නට ලැබෙන අතර ඒ අසළ ප්‍රාකාරයට නැගිම සදහා වු සෝපාන පද්ධතිය පිහිටා තිබේ.
කටුවන බලකොටුව විනාශවිමට බලපැ ප්‍රධානතම හේතුව වුයේ වර්ෂ 1761 පෙබරවාරි 06 -07-08 තෙදින පුරා සිංහල හමුදාව විසින් එල්ල කර අඛණ්ඩ ප්‍රහාර මාලාවයි බර අවි යොදා ගනිමින් එල්ල කල මේ ප්‍රහාර හේතුවෙන් කොටුවේ ප්‍රධාන දොරටුව සපුරා විනාශ වු අතර අභ්‍යන්තර ගොඩනැගිලි වලටද විශාල අලාභ හානි සිදු විය ඊ රයිමර් ,ආචාර්ය එස් පි ඡෝසප් හා කිරිඇල්ලේ ඥානවිමල ආදින් පසුකාලිනව බලකොටුව සියැසින් දැක ඉදිරිපත් කල වාර්තා එහි බිදවැටිම් පිලිබද තොරතුරු ලබා දෙයි.