banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

 

 

 කටුවන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන


සපුගහදොල ඇල්ල

කටුවන සිට කි මි 07 ක් පැමිණි පසු කිරම මන්සන්ධිය හමුවේ එහි සිට කි මි 06 ක් ගිය තැන වරාපිටියට හන්දියට පිවිසිය හැකිය  එහි සිට ඌරුබොක්ක  මාර්ගයේ කි මි 3  ක්  ගිය විට රම්මල රක්ෂිතයට පිවිසිය හැක .රම්මල රක්ෂිතයේ ආරම්භයේ මෙම දිය ඇල්ල පිහිටා ඇත.රම්මල රක්ෂිතය හා සම්බන්ධ සපුගහදොල ඇල්ල හා සම්බන්ධ සුවිශේෂි දිය ඇල්ලක් ලෙස මෙම දිය ඇල්ල හැදින්විය හැක හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලත පිහිටි එකම සුවිශේෂි දිය ඇල්ලක් වශයෙන් සපුගහදොල ඇල්ල හැදින්විය හැක. ඉතා මනරම් සිත් ඇදගන්නා සුළු අඩි 25 කට වඩා උසින් යුක්ත මනස්කාන්ත දර්ශනයකි මෙම දිය ඇල්ල .දිය ඇල්ල පහලට වැටෙන ස්ථානයේ ස්වාභාවික නාන තටාකයක් ලෙස නිර්මානය වි ඇත.



 
වරාපිටිය වැව

කිරම හන්දියේ සිට වරාපිටිය මාර්ගයේ කි ම් 07 ක් පමණ ගිය විට වරාපිටිය හන්දිය හමුවේ වරාපිටිය හන්දියේ මෙම වැව පිහිටා ඇත. වරාපිටිය වැවද සිත්ගන්නා සුළු වටපිටාවක ස්ථාන ගතවි ඇති ස්ථානයකි .විශාල ප්‍රදේශයක පැතිරුණු දර්ශනිය වැවක් ලෙස වරාපිටිය වැව දැකගත හැක. මේ හැරුණු විට සපුතන්ත්‍රිකන්ද බැලුම්ගල කන්ද වැනි ඉතා අලංකාර කදු ශිඛර වලින් යුක්ත රමණිය ස්ථාන ද දැකගත හැකිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් පසෙක මායිම් වශයෙන් දැකිය හැකි මුහුදු තිරයද දර්ශනය වන මැදකන්ද හිගුර කන්ද අතර පිහිටි අළුපොද්දෙනිය ග්‍රාමය ආශ්‍රිත පිහිටි හුලංකපොල්ල ඉතා දර්ශනිය ස්ථානයක් ලෙස හැදින්විය හැක.


කැකිරිඕබඩ ජලාශය

කිරම හන්දියේ සිට වරාපිටිය මාර්ගයේ කි ම් ½ ක් ගියතැන    හන්දිය හමුවේ එතැන් සිට එම හන්දියේ සිට කි මි 03 ගිය විට කැකිරිඕබඩ ඡලාශයට පිවිසිය හැක. කැකිරි ඔය හරස් කරමින් මෑතකදි ඉදිකල මහා වාරි කර්මාන්තයකි අක්කර අඩි 2200 ක් පුරා පැතිරුණු යෝද සංවර්ධන ව්‍යාපෘතියකි. ජලාශය හා ඒ ආශ්‍රිත  ප්‍රදේශය ආකර්ෂනිය පාරිසරික ලක්ෂණ හා ‍ජෛව විවිධත්වයෙන් යුක්ත සුවිශේෂි  ප්‍රදේශයක් ලෙස දැක්විය හැක



රම්මල රක්ෂිතය

කටුවන සිට කි මි 07 ක් පැමිණි පසු කිරම මන්සන්ධිය හමුවේ එහි සිට කි මි 06 ක් ගිය තැන වරාපිටියට හන්දියට පිවිසිය හැකිය  එහි සිට ඌරුබොක්ක  මාර්ගයේ කි මි 3  ක්  ගිය විට රම්මල රක්ෂිතයට පිවිසිය හැක. ස්වාභාවික වැසි වනාන්තරයන් වන මෙම රක්ෂිතය හොර කැකුන මිල්ල ගොරකා කිරි හැන්ද කළු මැදිරිය  ආදි ගස් වලින් ද වෙනිවැල් පුස් බමර ආදි වැල් වර්ග වලින් ද සමන්විත ස්වාභාවික වෘක්ෂලතා වලින් ගහන මනරම් පරිසර යටතේ සමන්විතය මෙම රක්ෂිතය ආශ්‍රිතව ආරණ්‍ය සේනාසනයද පිහිටුවා ඇත. රම්මල කදුවැටියෙන් ආරමිභවන සපුගහදොල, බිසෝඇල්ල ,පිගලැල්ල දොල,සපුගහදොල  ආදි  දොල මාර්ග වලින් පෝෂණය වෙමින් වසර මුළුල්ලේම ගලා බසින කිරම ආර සදහා ඡල පෝෂක  ප්‍රදේශය වශයෙන්  වැදගත් වනුයේ රම්මල රක්ෂිතයයි. මෙම  රක්ෂිතය ආශ්‍රිතව ඇති සුවිශේෂම දොල වශයෙන් සපුගහදොල  දිය ඇල්ල හැදින්විය හැක.

මාපිටකන්ද රක්ෂිතය

කටුවන හන්දියේ සිට වල්ගම්මුල්ල මාර්ගයේ අර‍ළුගහ මඩිත්ත මාර්ගයෙන් කි මි 2 ½ ගියවිට මාපිටකන්ද රක්ෂිතයට පිවිසිය හැක. වර්ග කිලෝමිටර් 140 පමණ විශාලත්වයෙන් යුත් මාපිටකන්ද රක්ෂිතය ඉතා දැකුම්කළු ස්වාභාවික වනාන්තරයකි. තුරුලතා ගහනයෙන් හෙබි තෙත් වැසි වනාන්තර ගනයට අයත් ඒකදේශික ශාක විශේෂ සහ  ආවේනික හා වනජීවි ගහනයකින් යුත් පාරසරික වශයෙන් බහු විවිධත්වයක් දක්නට ලැබෙන  ජලාශ්‍රිත පරිසර පද්ධතියක් ලෙස මෙම රක්ෂිතය දැක්විය හැකිය.

 


 

 කටුවන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඇති ‍ඓතිහාසික ස්ථාන

 

සිත්තම්ගල්ලෙන රඡමහා විහාරය


දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වරාපිටිය ග්‍රාම නිළධාරි වසමේ රම්මල් කදුවැටිය පාමුල දර්ශනිය භුමි භාගයක මෙම සිත්තම් ගල්ලෙන රඡමහා විහාරය පිහිටා තිබේ . මාතර සිට හක්මණ හරහා මිද්දෙනිය මාර්ගයේ වලස්මුල්ල පසු කොට කිලෝමීටර්  07 ක් දුර පැමිණි පසු කිරම මංසන්දිය හමු වේ.කිරම හංදියෙන් වමට හැරි හිගොඩ මාර්ගයේ කි මී 5.5 පමණ දුරක් පැමිනි විට රම්මල වරාපිටිය හංදියෙන් වමට හැරි වරාපිටිය හදුගල මාර්ගයේ කි මී භාගයක් පමණ දුරක් පැමිණිමෙන් පසු  මෙම විහාරස්ථානයට ලගා විය හැක.

මිට අමතරව මෙම විහාරස්ථානයට ලගා විය හැකි මාර්ග කිහිපයක් ඇත හිගොඩ මාර්ගයෙන්  වරාපිටියට පැමිනිමත් මාවරල දෙහිගහහේන හරහා වරාපිටියට පැමිණිමටත් දෙයියන්දර හදුගල වරාපිටියට පැමිනිමටත් හැකි වේ මේ කුමණ මාර්ගයකින් වුවද විහාරස්ථානයට පැමිනිය හැක.වලගමිබා රඡ සමය දක්වා ඉතිහාසගත මෙම ස්ථානයේ නිර්මානය කරන ලද ඉහල විහාරය හා පහල විහාරය වශයෙන් දක්නට ලැබෙන ලෙන් විහාර 02 කි .කටාරම් කොටු දෙක තුලම රියන් සැතපෙන බුදු පිලිම දෙකක් නිර්මානය කර ඇත. සත් සතිය සුවිසි විවරනය වැනි බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සිතියමි කර ඇති හෙයින් සිත්තමිගල්ලෙන නමින් ප්‍රසිද්දියට පත් කර ඇත. නෙළුමිමල් ආදි චිත්‍රවලින් පියසි කොටස් අලංකාර කර ඇත.පුරාවිද්‍යාත්මක වටිනාකමි තහවුරු කර ගත හැකි සෙල්ලිපි රම්මල කන්ද ආශ්‍රිතව දැකගත හැක.

          මෙම විහාරය ආශ්‍රිත වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය සිදු කරනු ලබයි සංස්කෘතික වටිනාකමකින් යුත් දර්ෂණිය ඇසල පෙරහැර පහත රට සාම්ප්‍රධානුකුලව නර්තන අංග බෙර දවුල් හේවිසි අලි ඇතුන් ගෙන් සමන්විත උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබයි .



රම්මල ආරන්‍ය සේනාසනය

කටුවන සිට කි මි 07 ක් පැමිණි පසු කිරම මන්සන්ධිය හමුවේ එහි සිට කි මි 06 ක් ගිය තැන වරාපිටියට හන්දියට පිවිසිය හැකිය  එහි සිට ඌරුබොක්ක  මාර්ගයේ කි මි 3  ක්  ගිය විට රම්මල රක්ෂිතයට පිවිසිය හැක.


රම්මල අඩවියේ පිහිටි මෙම සේනාසනය ඓතිහාසික වශයෙන් වැදගත් කමක් උසුලනු ලබයි .ඒ බව සනාථ කරමින් අදටද එහි පුරාණ සෙල්ලිපි කිහිපයක් දැක ගත හැක.රම්මල ආරණ්‍ය සේනාසනය ගිහි පැවිදි ඡනතාවගේ ගත සිත නිවන තෝතැන්නක් වශයෙන් සදහන් කල හැක .ස්වාභාවික තුරු ලතා හා වන සතා සිවුපාවන් සහිත මෙම රක්ෂිතය ස්වභාව දර්මයාගේ අපුර්වතම නිර්මාණයකි. අදවන විට සංචාරකයන්ට පැමිණිය හැකි වන පරිදි මෙහි මාර්ගය  නවිකරණය වි ඇත.

 



කටුවන බලකොටුව

 
වෂි 1645 දි ලන්දේසින් විසින් ඉදිකරන්නට යෙදුනු කටුවන බලකොටුව  දිග පළලින් අඩි 150 පමණ වන චතුරාස්‍රාකාර නිර්මාණයකි. මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 පමණ උසින් යුක්ත අතර එහි අභ්‍යන්තරය  දළ වශයෙන් අඩි 08 ක සිට අඩි 12 දක්වා වෙනස් වන උසකින් යුක්ත වේ. ප්‍රාකාරය විශාල කළුගල් කුටිටි යොදා ගනිමින් හුණු බදාමයෙන් සකස් කර තිබේ. කෙසේ වෙතත් බලකොටුවේ  වර්තමාන ශේෂිත තත්වය එහි ඉපැරනි ව්‍යුහය හදුනා ගැනිම කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි නමුත් ඡර්මන් ඡාතික යොහාන් හැන්ග්  හයිටි 1734 දි කටුවනට පැමින බලකොටුව පිළිබද ඉදිරිපත් කර ඇති තොරතුරු යම් තරමකට මේ අඩුව පුරවා ලිමට උපකාරි වෙයි ඔහුට අනුව බලකොටුවේ බැසිටියන් දෙකකට වඩා නොමැති නමුත් පහසුවෙන් කාලතුවක්කු 12 ක් සවි කිරිමේ හැකියාව තිබිණි.

ගොඩනැගිල්ලට ප්‍රවේශ දොරටු ඇත්තේ එකකි එහි වම් පසින් බලකොටුව තුල  ඉතා උස් වු ගොඩනැගිල්ලක් දක්නට ලැබේ. එහි ඔරලෝසුවක් ද සවි කර තිබු අතර එය යුද්ධෝපකරණ ගබඩාවට ඉහලින් දර්ශනය වේ කොටුව ප්‍රාකාරව යාබදව දකුණු පසින් ඇත්තේ ප්‍රධාන අණදෙන නිළධාරියගේ නිල නිවහනයි මිදුලේ දිග පැත්තේ ගබඩා ගෘහය දැකගත හැක  එහි කෙලවර පිහිටා ඇත්තේ යුද්ධෝපකරණ තැම්පත් කල ගෘහයයි දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි ඉහල මාලයේ   පදිංචිය සදහා  වෙන්වි තිබේ ඊට  නුදුරින් ඇතතේ කොස්තාපල් තැනගේ නිවාසයයි. බලකොවේ තවත් කෙලවරක උපකරණ වලින් පරිපුර්ණ ශෛල්‍යාගාරයක් දක්නට ලැබේ. ප්‍රධාන ප්‍රවේශයට වම් පසින් විශාල ලිදක් දක්නට ලැබෙන අතර  ඒ අසළ ප්‍රාකාරයට නැගිම සදහා වු සෝපාන පද්ධතිය පිහිටා තිබේ.

කටුවන බලකොටුව විනාශවිමට බලපැ ප්‍රධානතම හේතුව වුයේ ‍ වර්ෂ 1761 පෙබරවාරි 06 -07-08 තෙදින පුරා සිංහල හමුදාව විසින් එල්ල කර අඛණ්ඩ ප්‍රහාර මාලාවයි බර අවි යොදා ගනිමින් එල්ල කල මේ ප්‍රහාර හේතුවෙන් කොටුවේ ප්‍රධාන දොරටුව සපුරා විනාශ වු අතර අභ්‍යන්තර ගොඩනැගිලි වලටද විශාල අලාභ හානි සිදු විය ඊ රයිමර් ,ආචාර්ය එස් පි ඡෝසප් හා කිරිඇල්ලේ ඥානවිමල ආදින් පසුකාලිනව බලකොටුව සියැසින් දැක ඉදිරිපත් කල වාර්තා එහි බිදවැටිම් පිලිබද තොරතුරු ලබා දෙයි.


 
 

 

 

    

 අයි. ඡි මහින්ද

සභාපති 

"කුසුම්" කැකිරිඹ්බඩ කිරම

0775662485

 

 මලවිගේ ජයන්ත (උප සභාපති )

බංගලාවත්ත.උඩගොමඩිය.කටුවන

0715302026

 

 

පී.කොඩිතුවක්කු

පංචාලි.රවුම් පාර.කටුවන

0775053065

 

 

එම්.පී.සී .කැලුම් තුෂාර ගරුසිංහ

සඳකැළුම්.කරමැටිය.කිරම

0718051578

 

 එච්.ඒ ගාමිණි සංජීව

සංජිව.වතුකන්ද.කටුවන

0770750347

 

ඒ.පී .නිශාන්ත කුමාර

විහස්නා. හිගුරකන්ද.කටුවන

0717331083

 

 

 අයි.කේ.සුසන්ත පත්මසිරි

සුහද.කඩපල .කිරම

 0778799714

 

 එම්.අයි.එම්.දිසානායක

ලහිරු . අමුදමන .කටුවන

0710747596

 

 ඩබ් ඒ සංජීව

නාගහගෙදර. මෑල්ලකැටිගොඩ

0777843250

 

ගාමිණි ජයවික්‍රම

ගංගොඩගම ගෙදර.ශ්‍රි.මහින්ද නාහිමි මාවත.මිද්දෙනිය

0715458935

 

 ඩබ්.එච්.ඒ.සනත්

සිංහගිරි.පනාමුර පාර.මිද්දෙනිය

0711308280

 

 යූ.ජී.ධර්මසිරි

කොරටුව ගෙදර .උඩගොමඩිය.කටුවන

0771005679

 

 

 රමනි හල්පෙ ගමගේ

බෝසෙවන .අගලබඩ.හොරේවෙල

0772175962

 

 සිරිසේන හෙට්ටිගේ

වාසනා දෙහිගහහේන.හදුගල.

0778303167

 

 ජේ.ටී.ශාන්ත

ශාන් හාඩ්වෙයාර්.රම්මල වරාපිටිය

0711234765

 

 සුගත් සරඹගේ

උස්වත්ත.නමනැලිය.කිරම

0717604418

 

 

 කේ.සුනිල් ශාන්ත කුමාර

191.තලාවේ ගෙදර.පනාමුර පාර .මිද්දෙනිය

0712048516

       

 කේ එච් චන්ද්‍රසේන

නො 93 රවුම්පාර කටුවන

0773261182

 

 කේ.රන්ජන් වීරසේකර

236 බී 1.වතුකන්ද.කටුවන

0714424315

 

 ආර්.ධර්මසීලී

ලක්මාලි.උලහිටියාව/නැ.මිද්දෙනිය

0766305820

 

 එන් .ඒ.සෝමා වීරසිරි

හිමාලි.කෝන්කරහේන.කිරම

0718306935

 ඩබ්.සී.එම්.චමිල් උදාර

32/6.රිටිගහයාය.කටුවන

0702083764

 ජේ.චන්ද්‍රලතා

සුමුදු.පුවක්ගස්ආර.කිරම

0771980762

       

 ඩී.එම්.ඩී හරිස්චන්ද්‍ර

45/ඒ/4.ශ්‍රි.මහින්ද නාහිමි මාවත.මිද්දෙනිය

0719121604

 ඊ.බී.ඉන්දික

පහලවත්ත.කිරම

0770041993

 පි.එන්.එස්.ගුණවර්ධන

නො.201/5.රණසිංහගොඩ.කටුවන

0713183401

   
       
 

එම්.ඩි.සුගතදාස

සැනසුම.නමනැලිය.කිරම

0716687428

 

 එම්.සිරිසේන

සිරිසෙවන.පංගම්විලයාය.කටුවන

0714485631

 එච්.ඒ .ප්‍රදීපා නිශංසලා

ගම්බාර ගෙදර.තල්වත්ත.කටුවන

0710871927

   
       

 ආරියරත්න ඒකනායක

ඒකනායක නිවස.හෙල්ලල.මිද්දෙනිය

0775520014

   

කටුවන ප්‍රාදේශීය සභාව මගින් සිදු කරන ව්‍යාපෘති

ජල ව්‍යාපෘතිය

 

 

 

 

සභා බල ප්‍රදේශයේ තිබෙන්නා වු භුගත ජල මුලාශ්‍ර මගින් සපයන්නා වු ජලය මනු මගින් පාරිභෝගිකයන් වෙත බෙදා හැරිම තුළින් මෙම ඡල සේවා පවත්වා ගෙන යනු ලබයි මෙම ජල ව්‍යාපෘතිය මගින් මේ වන විට ජල මනු 3500 කට අධික ප්‍රමාණයකට ජල සම්බන්ධතාවන් ලබා දි ඇත. නව ජල සමිබන්ධතා වල ඉල්ලිම් ද දිනෙන් දින වැඩි වෙමින් පවති . මිද‍්දෙනිය නගරය  කේන්ද්‍ර කරගත්  ග්‍රාමසේවා  ග්‍රාමසේවා වසම් 19 කට අධික ප්‍රමාණයක් කටුවන ක්ෂේත්‍ර කර ගන්මින්  බුකැන්දයාය ජල යෝජනා ක්‍රමය මගින් ග්‍රාමසේවා වසම් 03 කට වැඩි ප්‍රමාණයක් අනාවරණය කරනු ලබයි . ප්‍රධාන බලාගාරයට අමතරව බලාගාර හයකින් පමණ ජලය සපයනු ලබයි මිට අමතරව සභාව ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 84 ආවරණය වන පරිදි නල ළිං හතලිස් හතකට (47) වැඩි ප්‍රමාණයකින්ද ජල පහසුකම් සපයනු ලබයි.

 
මෙම සේවා පහත සදහන් පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

01. ප්‍රධාන වැඩපල නඩත්තුව

02. ජලය බෙදා හැරිම

03. සේවා සම්බන්ධතා ලබා දිම



ප්‍රධාන වැඩපල නඩත්තුව

ජල මුලාශ්‍ර මගින් ලැබෙන්නා වු ජලය  විධිමත් ව රැස් කර පිරිසිදුව හා පවිත්‍රව  තබා ගැනිම මෙමගින් ක්‍රියාත්මක කරනු ලබයි . එම ජලය අවශ්‍යතාවයන් ට ගැළපෙන පරිදි අවශ්‍ය ජලය තොග රදවා ගැනිම හා පවත්වා ගෙන යාම ද සිදු කෙරේ. මිට අමතරව ප්‍රධාන ජල තලයේ යම් නඩත්තු කටයුතු තිබේ නම් ඒ සම්බන්ධව කඩිනමින් ක්‍රියාත්මක විමද සිදු කරනු ලබයි. මිට අමතරව ජල මනු වල යම් අළුත්වැඩියා කටයුතු වේ නම් ඒ සම්බන්ධයෙන් ද ක්‍රියා කරනු ලබයි.මෙම ජල ව්‍යාපෘතිය මගින් මේ වන විට ජල මනු 3500 කට අධික ප්‍රමාණයකට ජලය සපයයි.

ජලය බෙදා හැරිම

පාරිභෝගිකයින් වෙත අවශ්‍ය ජලය ප්‍රධාන ඡල නල මාර්ගයන් වෙතින් ඒ ඒ පාරිභෝගිකයන් වෙත සැපයිම මෙමගින් කරනු ලබයි. ප්‍රධාන ජලනල වල යම් කාන්දුවිමක් හෝ ජලය බෙදා හැරිමේ යම්  අපහසුතාවයක් තිබේ නම් හෝ ප්‍රධාන ජල මාර්ගයේ ජලය අපතේ යාමක් සිදු වන අවස්ථා වලදි කඩිනමින් ඒ සදහා කටයුතු කිරිමද මෙහි වැදගත් රාජකාරියකි.

සේවා සැපයිම

පවත්වා ගෙන යනු ලබන ජල සේවාවන් සම්බන්ධතාවන් ඉල්ලු පසු ඒ  සම්බන්ධයෙන් කරුණු විමසා බලා තිබෙන ධාරිතාවයේ ප්‍රමාණයට එම ඉල්ලිම ඉටු කර දිමට ප්‍රමාණවත් ජලයක් තිබේ නම් ඒ සදහා ඇස්තමේන්තු සකස්  කිරිම හා සම්බන්ධතාවයක් ලබා දිමත් මෙමගින් සිදු කරනු ලබයි සේවා සැපයිම මෙන්ම ජල බිල්පත් නොගෙවිම හේතුවෙන් ජලය විසන්ධි කිරි‍මේ ක්‍රියාවලියද මෙමගින් සිදු කරනු ලබයි.

 

කටුවන ප්‍රාදේශිය සභාවේ පොදු වෙළදපොළ පොල ව්‍යාපෘතිය

 

 

 

 

 

 

 

 

 



කටුවන ප්‍රාදේශිය සභාව මගින් තම ග්‍රාමසේවා වසම් 84 ආවරණය වන පරිදි සති පොළවල් 07 ක් ක්‍රියාත්මක කරනු ලබයි

01. මිද්දෙනිය පොදු වෙළදපොළ

02. කටුවන පොදු වෙළදපොළ

03. අළුපොද්දෙනිය පොදු වෙළදපොළ

04. ගොමඩිය පොදු වෙළදපොළ

05. කරමැටිය පොදු වෙළදපොළ

06. කිරම පොදු වෙළදපොළ

07. වරාපිටිය පොදු වෙළදපොළ


මෙම පොදු වෙළද පොළවල් ක්‍රියාත්මක කිරිමේදි  සභාව මගින්  ව්‍යාපෘතියක් ලෙස සෘජු පදනම මත පොළ ආදායම් එකතු කරනු ලබයි. ප්‍රදේශයේ ප්‍රධාන නිෂ්පාදන අලෙවි කර ගැනිමේ දි ගොවියා ගේ ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා ඉතා සහනදායි බදු අය කිරිම් තොග පොළවල් මගින් සිදු කරනු ලබයි.ටෙන්ඩර් පටිපාටිය මගින් පොළ ආදායම එකතු කිරිමේ දි අතරමැදි ටෙන්ඩර් කරුවන් අතට එකතු වු මුදල් ප්‍රදේශයේ ජනතාවගේ සුභ සිද්ධිය සදහා  සෘඡුවම යෙදවිමට අපට හැකිවිය.ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් ටෙන්ඩර් ගතවු සමස්ත පොල ආදායම ලක්ෂ හැටකට ආසන්නව වැඩි කිරිමට මේ තුළින් හැකියාව ලැබි ඇත.මිට අමතරව පොළවල් සංවර්ධනය කිරිම තුළ මිද්දෙනිය කිරම කටුවන පොලවල් සංවර්ධනය කරන ලද අතර ගොමඩිය අළුපොද්දෙනිය කරමැටිය වරාපිටිය යන පොළවල් ඉදිරියේදි සංවර්ධනය කිරිම සදහා‍ යෝජනා  වි ඇත.

 

පුරනැගුම ව්‍යාපෘතිය


(පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි.)
කටුවන ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ආරියදාස විරසිංහ මැතිතුමා ගේ කාරුණික ඉල්ලිම පරිදි මෙම ව්‍යාපෘතිය කටුවන ප්‍රාදේශිය සභාව වෙත ලබා ගන්නා ලදි.කිරම නගරය පසුගිය කාල වකවානු තුළ නොසැළකිල්ලට  ලක්විමේ ප්‍රථිඵලයක් ලෙස මෙම නගරය කුඩා කඩමණ්ඩියක් බවට පත් විය . ඒ අනුව පසුගාමි නගරයක් වශයෙන් පැවති කිරම නගරය සංවර්ධනය කිරිම සදහා තෝරා ගන්නා ලදි.


වලස්මුල්ල මිද්දෙනිය ප්‍රධාන පාරට  මායිම්ව මෙම නගරය පිහිටා ඇත. කිරම මංසන්දියෙන් වරාපිටිය දෙයියන්දර මාවත් වැටි ඇත.පෞරාණික සිත්තම්ගල්ලෙන රජමහා විහාරයට ගමන් ආරම්භ කරන වරාපිටිය මාවත කිරම නගරය ‍කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ .අක්‍රමවත් අඩුපාඩු වලින් පිරි කිරම පොදු වෙළද පොල මේ වන විට ඉතා සංවර්ධිත ක්‍රමවත් පහසුකම් සහිත පොදු වෙළදපොළක් බවට මේ වන විට පත් කොට ඇත .පසුගාමී නගර සංවර්ධනය කිරම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කරමින් සියළු දෙනාගේ මුලික අදහස් යෝජනා වලට අනුව මේ වන විට

    උඩු මහල් සහිත බස් නැවතුම් පොලක්
    දෙමහල් ආර්ථික මධ්‍යස්ථානයක් - වෙළද සංකිර්ණයක්
    පොල ගොඩනැගිල්ල සංවර්ධනය කිරිම
    නාන තොටුපලක් සහිත උද්‍යානයක් ඉදිකිරිම
    ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිම ව්‍යාපෘතිය යටතේ ටිපර් රථයක් ලබා ගැනිම

මෙම යෝජනා ක්‍රියාත්මක කිරිම සදහා මේ වන විට සැළසුම් කරමින් පවති. මිට අමතරව කිරම නගරයට අවශ්‍ය නගර සැළසුමක් නිර්මාණය කිරිම භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට ද සිදු කරමින් පවති. කටුවන ප්‍රාදේශිය සභාවේ  කිරම උප කාර්යාලය කිරම මහජන පුස්තකාලය කිරම පුර්ව ළමාවිය මධ්‍යස්ථානය කිරම ආයුර්වේද මහජන බෙහෙත් ශාලාව මේ වන විට ද ප්‍රාදේශිය සභා අරමුදල් මගින් නවිකරණය කොට සංවර්ධනය කර ඇත.මෙම පුරනැගුම ව්‍යාපෘතියේ යෝජනාවන් ද ක්‍රියාත්මක කොට අවසාන වශයෙන් කටුවන ප්‍රාදේශිය සභාවේ කිරම නගරය සංවර්ධිත නගරයක් ලෙස නිර්මාණය කිරිම අපගේ පුර්ව අභිප්‍රායයි.