දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.
මෙහෙවර ප්‍රකාශය
"කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වන පොදු මහජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික මුලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික උරුමයන් සාක්ෂාත් කර, ඔවුන්ට වඩාත් සුරක්ෂිත වු දේශයක් උරුමකර දෙමින් අභිමානවත්ව නැගී සිටිමට හැකියාව ඇති මිනිස් පරපුරක් බිහිකර ප්‍රදේශයේ ජනතාවට හිමි සම්පත් ක්‍රමවත්ව වැඩි දියුණු කර අත්‍යාවශ්‍ය පොදු පහසුකම් සපයා දෙමින් කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතා අපේක්ෂාවන් මැනවින් ඉටුවන ආකාරයට ගොඩනැංවීම අපගේ පරමාර්ථය වේ."
කටුවන ප්‍රාදේශීය සභාව ඔබ සාදරයෙන් පිළිගනිමු.
දකුණු ලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ මුල්ගිරිගල ආසනයේ පිහිටි මුහුදු මටිටමේ සිට අඩි 2700 ක් පමණ දක්වා උස් බිම් තිරුවකින් විද්‍යාමාන වන භු විෂමතාවක කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. උතුරින් සඔරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවද, දකුනින් විරකැටිය ප්‍රාදේශිය සභාවද, නැගෙනහිරින් අගුනුකොලපැලැස්ස ප්‍රාදේශිය සභාවද, බටහිරින් පස්ගොඩ ප්‍රාදේශිය සභාවද, මායිම් වන අප බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි මි 169 කි. වලස්මුල්ල කටුවන මිද්දෙනිය යන පොලිස් වසම් 03 කින් ආවරණය වන අප බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 84 කින් සමන්විත වේ. මුළු ඡනගහනය 75543 ක් වන අතර ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 5055 කි .
කටුවන ප්‍රාදේශිය සභාව කටුවන ප්‍රධාන කාර්යාලයට අමතරව කිරම මිද්දෙනිය යන උප කාර්යාල 02 කින් සමන්විත වන අතර වර්තමානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මහින්ද ගාමාච්චි මැතිතුමාය.අද වන විට කටුවන ප්‍රාදේශිය සභාවේ ස්ථිර අනුමත කාර්ය මණ්ඩලය 127 ක් වේ. සභාව මගින් ක්‍රියාත්මක වන සේවා අතර විථිරේඛා හා නොපවරාගැනිමේ සහතික නිකුත් කිරිම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිම, පෙර පාසල් හා පුස්තකාල පවත්වාගෙන යාම, හා බල ප්‍රදේශයේ කැලි කසල බැහැර කිරිම, මෙන්ම ඡල පාරිභොගිකයන් 3500 කට ආසන්න සංඛ්‍යාවකට පානිය ඡලය සපයා දිම යන ප්‍රධාන කාර්යන් අරමුණු කර ගනිමින් වඩාත් කාර්යක්ෂම හා ගුනාත්මක සේවාවන් සැපයිම අපගේ අභිලාෂය වේ.
ගරු සභාපතිතුමාගේ පණීවිඩය
එළබෙන සහස්‍රය ජය ගැනීමට නම් ආර්ථික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික ගුණවගාව ද පෙරටු කරගනිමින් , සමාජීය සංස්කෘතික යන සියලු අංශ වල ශක්තිමත් බවක් වර්ධනය කරගත යුතු බව මාගේ ඒකායන හැඟීම වේ. එකී අභීප්‍රාය පෙරටු කරගනිමින් තාක්ෂණය හා අත්වැල් බැඳගනිමින් නවමු මගක් කරා යොමු වෙමින් ජනතාවගේ අපේක්ෂා ඉටුකර ගැනීම වඩාත් වැදගත් වේ. ඒ සඳහා යන ගමනේ ඉදිරි පියවරක් වශයෙන් අපගේ කාර්යක්ෂම හා ඵලදායී සේවාවේ සුවිශේෂී බව ප්‍රජාවට පසක් කර දෙමින් ඔවුන් සමග අත්වැල් බැඳ ගනිමින් අපගේ සේවාව පුළුල් කර ගැනීම අරමුණූ කරගනිමින් අපගේ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කෙරේ.
ලේකම්තුමාගේ පණීවිඩය
ලෝකයේ සියළු රටවල් ගෝලීයකරණය සමග පෙරට යන ගමනේ දී ඊට අත්වැලක් වෙමින් ශ්‍රී ලංකා පළාත් පාලනය ද සහශ්‍ර ගෝලීයකරණය සඳහා අවතීර්ණ වීම අත්‍යවශ්‍යයෙන් ම විය යුතුය. ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට තාක්ෂණික සහය ලබාදෙමින් ඔවුන්ට සපයන සේවාවන් හැකි ඉක්මණින් ලබාදීමත් ලෝකයේ ඕනෑම තැනක සිට මේ පුංචි ලංකාවේත් කටුවන ප්‍රාදේශීය සභාව පිළිබඳ ඓතිහාසික තොරතුරු හා එහි වැදගත්කම දැකගනු පිණිසත් මේ වෙබ් අඩවිය තුළින් හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
QR මගින් ගෙවීම් කරන්න
( ජල බිල් ,වරිපනම්,කඩකුලි, අයදුම්පත්‍ර ගාස්තු, යන්ත්‍ර සුත්‍ර ලබා ගැනීම් ගාස්තු, ව්‍යාපාර බදු වැනි සභාවට ගෙවිය යුතු සියළු ගෙවිම් මෙමගින් ගෙවිය හැක)